ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් සහතිකයක්

රටේ ආර්ථික තත්ත්වය ලිහිල් කිරීම සඳහා රජය ගෙන ඇති කෙටිකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව තෘප්තිමත් වන බව ලෝක බැංකුව සඳහන් කරයි.

ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂ චියෝ කන්දා මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් කොළඹ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදී වත්මන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට ගෙන ඇති නව මූල්‍ය සහ අනෙකුත් ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබීය.

අඛණ්ඩ මධ්‍යකාලීන හා දිගු කාලීන ප්‍රයත්නයන්ගේ අවශ්‍යතාවය ද ලෝක බැංතු නියෝජිතයින් අවධාරණය කළ අතර මූල්‍ය සහ අනෙකුත් ප්‍රතිසංස්කරණ ඉක්මනින් කැබිනට් මණ්ඩලය හා පාර්ලිමේන්තුව මගින් සම්මත කර ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාසය පලකළේය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන හොඳ ප්‍රගතියක් අත්කරගෙන ඇති අතර අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් අපේක්ෂිත ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ඉක්මනින් ලැබෙනු ඇතැයි නියෝජිත පිරිස මෙහිදී විශ්වාසය පළ කළහ.

දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති වල ප්‍රගතිය සහ යෝජිත අනාගත ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණි.

ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අග්‍රාමාත්‍යවරයා නියෝජිත පිරිස දැනුවත් කළ අතර රජයේ නව ප්‍රතිසංස්කරණ හේතුවෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග කටයුතු කඩිනමින් අවසන් කිරීමට හැකි වනු ඇති බවට විශ්වාසය පළ කළේය. රජයේ ආදායම ඉහළ නැංවීමේ ක්‍රියාමාර්ග මේ වනවිටත් ගෙන තිබේ. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුගත කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර හෝ ක්‍රියාත්මක කර ඇත. දුෂ්කර තත්ත්වයන් මධ්‍යයේ වුවද ආහාර සුරක්ෂිතතාව සහ අපනයන බෝග නිෂ්පාදනය සම්බන්ධයෙන් කටයුතු වඩාත් පුළුල් කිරීමට ද රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උපායමාර්ග හා මෙහෙයුම් අධ්‍යක්ෂ ඉලංගෝ පච්චමුත්තු, ජේෂ්ඨ මෙහෙයුම් නිලධාරී අසේල දිසානායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් එම්. ගුණරත්න යන මහත්වරු ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
00:00
Video thumbnail
නලින්දට අනගාතයේ දී අනිවාර්යෙන් දඬුවම් දෙනවා
01:24
Video thumbnail
තව ටිකක් කල් යනකොට දෙයියන්ගෙම පිහිටයි - දොලවත්ත ආණ්ඩුවේ වැරදි කියලා හොඳටම අමතයි
03:34
Video thumbnail
රටම කතාකරපු පුංචි දියණියගේ තවත් වීඩියෝවක් එළියට
00:46
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රිපාල බලන්න නිවසට ආ පුලතිසි රාජා - කොහොමද මෛත්‍රිපාලට තියෙන ආදරය
01:40
Video thumbnail
ඇමතිතුමෝ තොට ලැජ්ජාවක් නැද්ද.. ලැජ්ජයි.. ලැජ්ජයි.. ලැජ්ජයි
03:02
Video thumbnail
ජනපති එක්ක මට ඩීල් නෑ - මරික්කාර්ට කේන්ති යයි
17:45
Video thumbnail
සුගීෂ්වර වෙනුවෙන් ආ දයාසිරි කිව්ව දේ - කිසි වෙලාවක පඩි දෙකක් ගත්තේ නෑ
02:31
Video thumbnail
සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ් - ජයවේවා කියලා ඇවිත් අතත් වනාගෙන ගිය හැටි
02:18
Video thumbnail
වසන්ත සමරසිංහ ඇමතිකමින් වහාම ඉවත් කරන්න ? - මේ ඩෝබිලව ත#ලන්න ඕනි කබර බාහුවෙන්
18:15