ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන අවසන් තීරණාත්මක තරඟය අද

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සුපර් ලීග් එක්දින තරගාවලියට අයත් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර, එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තීරණාත්මක ගැටුම පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පස්වරු 2.30ට ආරම්භ වේ.

තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 60කින් ඇෆ්ගනිස්තානය ජය ගත් අතර, දෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය.

මේ හේතුවෙන් තරග 1- 0ක් ලෙස ඇෆ්ගනිස්තානය ඉදිරියෙන් සිටින අතර, ශ්‍රී ලංකාව අද තරගය ජය ගත හොත් තරගාවලිය 1-1ක් ලෙස සම කර ගැනීමේ හැකියාව උදා වේ.

යම් හෙයකින් ඇෆ්ගනිස්තානය ජය වාර්තා කළ හොත් හෝ වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව තරගය නිමා වුව හොත් ඉතිහාසයේ පළමු වරට ඇෆ්ගනිස්තානය එක්දින ක්‍රිකට් තරගාවලියකදී ශ්‍රී ලංකාව පරාජය කිරීමේ අවස්ථාව උදාවනු ඇති.

මේ තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනකු පෙරේදා විවාහ දිවියට ඇතුළත් වූ අතර, එම මංගල සීනු හඬින් පසු ඊයේ දිනයේ කණ්ඩායම සමඟ එක්ව ඔවුහු තිදෙනා පුහුණුවීම් ආරම්භ කළහ.

ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක, මැදපෙළ පිතිකරු චරිත් අසලංක හා වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත මෙසේ යුග දිවියට ඇතුළත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝ හෝම්.. වැඩ බැරි නම් බැහැලා යන්න
16:21
Video thumbnail
වෙනත් කෙනෙකුගේ QR එකකින් තෙල් ලබාගත්ත පුද්ගලයෙක් අත්අඩංගුවට..සාක්ෂි ඔක්කොම අපි ගාව තියෙනවා
01:48
Video thumbnail
රුසියාවේ බලශක්ති නියෝජ්‍ය ඇමති දිවයිනට
00:59
Video thumbnail
ආණ්ඩුව කොච්චර කයිය ගැහුවත් පොහොර නෑනේ
03:45
Video thumbnail
නාමල් - සජිත් එකතුවෙයි..?
06:46
Video thumbnail
බේරුවල ධීවර යාත්‍රාවලට ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව..දැනටනම් ප්‍රශ්නයක් නෑ - "කියන්න අනුර Fail කියලා"
03:01
Video thumbnail
යට ඇඳුමේ හිල වහගන්න ආපු ඇමතිවරු අපිට ලයිට් නිවන්න කියනවා
02:12
Video thumbnail
ආණ්ඩු බලය අපිට ලැබෙනවා - මාලිමාවට වැඩ වරදියි
02:06
Video thumbnail
දැන් මොනවහරි ක්‍රමයකින් රස්සා ගන්න ක්‍රමය නැවතිලා..මේක හැදුනේ අපේ ජන වරමෙන් තමයි
02:34
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවන් 89 දෙනෙකුට රතු නිවේදන
09:13