AFC Banner
Empty Ad
Empty Ad

අඟහරු වෙත සාර්ථකව ගොඩබැස්වූ යානය නිර්මාණය පිටුපස ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක්

අඟහරු ග්‍රහයා වෙත යැවූ තම රොබෝ යානය සාර්ථකව ගොඩබැස්වූ බව නාසා ආයතනය පවසයි. එය සමකයට ආසන්න ආවාටයක් වන ජෙසෙරෝ ප්‍රදේශයටයි පතිත වී ඇත.

මෙතෙක් නිෂ්පාදිත නවීනතම තාක්ෂණයෙන් යුතු මෙය ඇමරිකානු ඩොලර් බිලියන 2.7 ක වටිනාකමකින් යුත් වන අතර, මෙය වසර දෙකක් අඟහරු මත පරීක්ෂණ සිදුකරනු ලබයි. ග්‍රහයා මත පැරණි ක්‍ෂුද්‍ර ජීවීන් පිළිබඳ සාක්ෂි විමසා බැලීමට නියමිතයි. අඟහරු ග්‍රහයා මත යම් දිනක හෝ ජීවයක් පැවතියේද යන්න පිළිබඳව ඉඟි සැපයිය හැකි පාෂාණ නියැදි එක් රැස් කිරීමද මෙම රොබෝ යානය යැවීමේ තවත් එක් අරමුණක් විය.

මෙම යානයේ විද්‍යුත් පරිපථය නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන මෙලනි මහාරච්චි විසින්. මෙම ක්‍රියාන්විතය සාර්ථක කරගැනීමට ඇය ලබාදුන් දායකත්වය උදෙසා නාසා ආයතනයේද ප්‍රශංසාව හිමි වී තිබෙනවා. මේ සදහා ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්රෝන්ද සතුට පළ කර තිබුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?