පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථමවරට ගෝලයක් වාර්තා කළ ජනපති පුතා

ටිමෝති වීයා එහෙමත් නැතිනම් අමරිකානු පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩක ටිම් වීයා වේල්සය සමඟ තරඟයේදි ගෝලයක් වාර්තා කරනවා.අමරිකාව සහ වේල්සය අතර තරඟය ගෝල 1-1 ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුනත් එම තරඟයේ අමරිකානු ගෝලය වාර්තා කල ටිම් වීයා ගැන බොහෝ දෙනාගෙ අවදානය යොමු වෙනවා.

ඒ ටිම් වීයාගේ පියා ජනාධිපති කෙනෙක් වීම .අමරිකානු ජනාධිපති කෙනෙක් නෙමෙයි.ලයිබීරියානු ජනාධිපති කෙනෙක්.ඔහු නමින් ජෝර්ජ් වීයා.ඔහුත් දක්ෂ soccer player කෙනෙක්.ඔහු 25 වැනි ලයිබීරියානු ජනාධිපති.