හදිසියේම ට්විටර් කාර්යාල සියල්ල වසා දමයි

ට්විටර් සමාගමේ නව හිමිකරු වන ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලොන් මස්ක් විසින් ට්විටර් සමාගමේ සියලු කාර්යාල ගොඩනැගිලි වහාම ක්‍රියාත්මක වන පරිදි ලබන සඳුදා තෙක් දමන බව සේවකයින්ට දැනුම්දී තිබේ.

ඉලොන් මස්ක්, එම සමාගමේ සේවකයින් වෙත ඊමේල් පණිවුඩයක් යවා ඇති අතර ඉන් ඔහු දන්වා ඇත්තේ ට්විටර් සේවකයින් “දිනකට වැඩි වෙලාවක් දැඩි කැපවීමකින් යුතුව වැඩ කළ යුතු බවත් නැතහොත් ඔවුන් සමාගමෙන් ඉවත්ව යා යුතු බවයි.”

සමාගමේ රැඳී සිටීමට කැමති සේවකයින් ඊට අදාළ ව ප්‍රතිඥාවක් දීමට එකඟ විය යුතු බව මස්ක් සේවකයින්ට දන්වා තිබේ.

මේ අතර “සාර්ථක වීම සඳහා අපි දැඩි ලෙස කැපවිය යුතුයි,” යනුවෙන් ඔහු තම සේවක මණ්ඩලයට දන්වා ඇති අතර අද (17) වනවිට සිය එකඟතාවය පළ නොකරන සේවකයින් ව මාස තුනක වැටුප් ගෙවා සේවයෙන් ඉවත් විය හැකි බව මස්ක් පවසා තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?