බදුල්ල මහ රෝහලෙන් පැය 6ක විස්මිත සැත්කමක්

බදුල්ල මහ රෝහලට ඇතුළත් කර සිටි රෝගියෙකුගේ කශේරුකාවේ හටගෙන තිබු ගෙඩියක් (16) දින සිදු කරන ලද පැය හයක සැත්කමකින් පසු සාර්ථකව ඉවත් කිරීමට හැකි වූ බව බදුල්ල පළාත් මහ රෝහලෙන් වාර්තා විය

මේ පිළිබඳව අදහස් පළකළ ස්නායු ශල්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය ලක්මාල් හේවගේ මහතා පවසා සිටියේ රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකය වෙත ඇතුළත් කර සිටි 41 හැවිරිදි පුද්ගලයෙකුගේ කශේරුකාවේ හටගෙන තිබු ගෙඩියක් ඉවත් කිරීමට මෙම සැත්කම කල බවයි.

රෝගියාගේ සුෂුම්නාව, වකුගඩු සහ අක්මාව දක්වා මෙම ගෙඩිය පැතිර තිබු බවත් එය කිලෝ එකක් පමණ බරකින් යුක්ත බවත් සැත්කමින් පසු රෝගියා සුවෙන් පසුවන බවද විශේෂඥ වෛද්‍ය ලක්මාල් හේවගේ පවසා සිටි.

බදුල්ල මහ රෝහලේ ස්නායු ශල්‍ය පිළිබඳව විශේෂඥ වෛද්‍ය ලක්මාල් හේවගේ මහතා ඇතුළු ශල්‍ය වෛද්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් සහ පිළිකා ශල්‍ය වෛද්‍යවරුන් සහ මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම සැත්කම කර තිබිණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46