බදුල්ල මහ රෝහලෙන් පැය 6ක විස්මිත සැත්කමක්

බදුල්ල මහ රෝහලට ඇතුළත් කර සිටි රෝගියෙකුගේ කශේරුකාවේ හටගෙන තිබු ගෙඩියක් (16) දින සිදු කරන ලද පැය හයක සැත්කමකින් පසු සාර්ථකව ඉවත් කිරීමට හැකි වූ බව බදුල්ල පළාත් මහ රෝහලෙන් වාර්තා විය

මේ පිළිබඳව අදහස් පළකළ ස්නායු ශල්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය ලක්මාල් හේවගේ මහතා පවසා සිටියේ රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකය වෙත ඇතුළත් කර සිටි 41 හැවිරිදි පුද්ගලයෙකුගේ කශේරුකාවේ හටගෙන තිබු ගෙඩියක් ඉවත් කිරීමට මෙම සැත්කම කල බවයි.

රෝගියාගේ සුෂුම්නාව, වකුගඩු සහ අක්මාව දක්වා මෙම ගෙඩිය පැතිර තිබු බවත් එය කිලෝ එකක් පමණ බරකින් යුක්ත බවත් සැත්කමින් පසු රෝගියා සුවෙන් පසුවන බවද විශේෂඥ වෛද්‍ය ලක්මාල් හේවගේ පවසා සිටි.

බදුල්ල මහ රෝහලේ ස්නායු ශල්‍ය පිළිබඳව විශේෂඥ වෛද්‍ය ලක්මාල් හේවගේ මහතා ඇතුළු ශල්‍ය වෛද්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් සහ පිළිකා ශල්‍ය වෛද්‍යවරුන් සහ මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම සැත්කම කර තිබිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?