ඩේවිඩ් වෝනර් ටෙස්ට් පිටියෙන් සමුගන්නා දිනය කියයි

ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර්, ටෙස්ට් පිටියෙන් සිය සමුගැන්ම පිළිබඳ ඉගි පළ කර ඇත.

ඔහු එහිදී පවසා ඇත්තේ තමන් එළඹෙන (2023) වර්ෂයේ පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් තරගාවලියෙන් පසු ක්‍රීඩාවට සමුදීමට තීරණය කරන බවයි.

එළඹෙන 2024 වර්ෂයේදී කොදෙව් දූපත් හා ඇමරිකාවේදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය දක්වා තමන් සීමිත පන්දුවාර තරග වල රැඳී සිටින බව ඔහු මෙහිදී පවසා සිටියේය. ඔහු වැඩිදුරටත් පවසන්නේ විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවට තමන් ඇළුම් කරන බවයි.

36 හැවිරිදි වියේ පසුවන වෝනර් ටෙස්ට් ඉනිම් 176 කට ක්‍රීඩා කරමින් ලකුනු 7817 ක් හිමිකර ගැනීමට සමත්ව ඇත. එහි ඉනිමක ලකුනු සාමාන්‍යය 46.52කි. එහිදී ශතන 4 ක් හා අර්ධ ශතක 34 ක් හිමිකරගෙන ඇති වෝනර් පාකිස්ථානයට එරෙහිව ත්‍රිත්ව ශතකයක්ද වාර්තා කර තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?