ලංකා ඉතිහාසයේ අභියෝගාත්මක අයවැය අද පාර්ලිමේන්තුවට

අද ( 14 ) පාර්ලිමේන්තුවට ලංකා ඉතිහාසයේ වඩාත්ම අභියෝගාත්මක අයවැය ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන බවත් ආර්ථික වශයෙන් රට ස්ථාවර කිරීමේ පියවර 2023 අයවැය මගින් සිදු කිරීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මුහුණ දෙන අභියෝගය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

පුද්ගලයකුට මසක් ජීවත්වීම සඳහා රුපියල් 13,000 ක් අවශ්‍ය බවට රජයේ වාර්තා මගින්ම තහවුරු කර ඇති තත්ත්වයක් තුළ 2023 වසර සඳහා සුබසාධන අයවැයක් ඉදිරිපත් කිරීමේ අභියෝගය රජය භාරගෙන ඇතැයි ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය .

නිදහස් ශ්‍රී ලංකාවේ 77 වන අයවැය පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරෙන අතර මෙරට දේශපාලන ඉතිහාසය සැලකීමේදී රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස හා ජනාධිපතිවරයා ලෙස වර්ෂයක් සඳහා ඉදිරිපත් කරන මංගල අයවැයද මෙය වේ

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රට දේශපාලන වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද ස්ථාවර කිරීම සඳහා වූ වැඩපිළිවෙළකට මෙම අයවැය මගින් මග විවර වනු ඇති බවයි .

” ලෝකයේ අයවැය වර්ගී කරණ දෙකක් තියෙනවා , ආයෝජනයට බර වූ අයවැය සහ සුබසාධනයට බර වූ අයවැය කියලා . නිදහස් ශ්‍රී ලංකාවේ 77 වැනි අයවැය අපි ඉදිරිපත් කරන්නේ රටේ පවුල් සංඛ්‍යාවෙන් 70 % ක් ජීවත් වීම සඳහා රජයෙන් සහන ඉල්ලන තත්ත්වයක් තුළයි . ඒ නිසා අපි මේ වෙලාවේ අවධානය යොමු කරන්නේ මේ ජනතාවගේ මූලික අවශ්‍යතා ටික ඉටු කරන්න පහසුකම් සලසන සුබසාධන අයවැයක් ඉදිරිපත් කිරීමට බව ද අමාත්‍යවරයා පැවසීය .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46