ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගැන බිය නොවන්න

අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලැබීම සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර ගත යුතු නැතැයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

‘‘කෝප් සමුළුවේදී මට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරිය මුණ ගැසීමට අවස්ථාව ලැබුණා. මම එතුමිය සමඟ සාකච්ඡා කළා. අපිට සහයෝගය දෙන බව එතුමිය ප්‍රකාශ කළා‘‘ යැයි ජනපතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අපිට දැන් තිබෙන්නේ ඉන්දියාව සහ චීනය සමඟ සාකච්ඡා සාර්ථක කර ගැනීමයි. අපි රටවල් දෙකෙන්ම ඉල්ලා තිබෙන්නේ දෙසැම්බර් මාසය වන විට මේ සාකච්ඡා අවසන් කරන්න කියලා. මේ සාකච්ඡා අවසන් වුණහම අපිට තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම පමණයි.

ලෝක බැංකු සභාපතිවරයා සමඟත් අපි සාකච්ඡා කළා. මේ දේවල් නොදන්නවා නම් විවාදය වර්ජනය කරන බව ප්‍රකාශ කිරීම ගැන විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට ස්තූතිවන්ත වෙනවා. ඒ නිසා ආණ්ඩු පාර්ශ්වයට සහ විපක්ෂයට එය සම්මත කළ හැකි යැයිද ජනපතිවරයා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?