20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්ත-පාකිස්තාන අවසන් පූර්ව සටන අද

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය නවසීලන්තය සහ පාකිස්තානය අතර අද (9) පැවැත්වේ.

සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයෙන් තරග කළ නවසීලන්තය එක් තරගයක් පමණක් පරාජය වෙමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් පළමු අවසන් පූර්ව තරගයේ ස්ථානයක් වෙන් කර ගත් අතර, සුපිරි 12 වටයේ පළමු තරග දෙක පරාජය වුවද සෙසු තරග 3 ජය ගනිමින් දෙවැනි කාණ්ඩයේ දෙවැනි ස්ථානයෙන් බාබර් අසාම් නායකත්වය දෙන පාකිස්තානය අවසන් පූර්ව වටයට එක් විය.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක නවසීලන්තය අවසන් පූර්ව වටයට එක් වූ සිවුවැනි අවස්ථාව මෙයයි.ඉන් අවස්ථා 3ක් පිට පිටම වීම විශේෂත්වයකි. මින් පෙර 2007දී පාකිස්තානය හමුවේම පරාජය වෙමින් නවසීලන්තයට අවසන් තරගය අහිමි විය. 2016දී එංගලන්තය හමුවේ පරාජය වීම නිසා අවසන් තරගය අහිමි වූ ඔවුන් පසුගිය වසරේ අනුශූරයන් බවට පත්විය.

පාකිස්තානය අවසන් පූර්ව තරගයකට එක් වන්නේ 6 වැනි වරටයි.

මේ දෙපිල විස්සයි20 තරග බිමේදී අවස්ථා 28දී හමුව ඇති අතර, ඉන් තරග 17ක් ජයගෙන ඇත්තේ පාකිස්තානයයි. නවසීලන්තයට තරග 11ක ජය හිමිව ඇත

මෙම තරගය ඉතා තිවුණු තරගයක් වෙතැයි විචාරකයන්ගේ මතයයි. ශදාබ් ඛාන්, ශහීන් ෂා අෆ්රිඩි සහ මොහොමඩ් වසීම් පාකිස්තාන පන්දු බළ ඇණියේ ප්‍රධාන ක්‍රීඩකයන් වන අතර, මිචෙල් සැන්ට්නර්, ටිම් සවුති, ලොකී ෆර්ගියුසන් සහ ට්‍රෙන්ට් බෝල්ට් නවසීලන්තයේ ප්‍රධාන තුරුම්පු වෙයි.

මෙම තරඟය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට සිඩ්නිහිදී ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලකාරුවන් රැසක් මැද අවසන් ගමන් ගිය ප්‍රවීණ රංගධර කලාශූරී එදිරිසිංහ
02:46
Video thumbnail
වෙනදට උදෙන්ම ලැබෙන කුණු මල්ල වෙනුවට ලැබුණු බඩු මල්ල
01:36
Video thumbnail
20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:54
Video thumbnail
පොලිසිය ළඟ ඉද්දීම චණ්ඩිකම් පෙන්නපු උපකාරක පංති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18


?