ඉල් පුරපසලොස්වක පොහොය අදයි

ඉල් පුන් පසළොස්වක පොහොය දිනය අද. ලෝකවාසී බෞද්ධ ජනයාගේ සිත් සතන් සුපහන් කරවන ශාසනික වශයෙන් අනුස්මරණීය වූ සිදුවීම් කිහිපයක්ම ඉල් පුන් පොහොය දිනයේදී සිදු වුණා.

එකම ස්ථානයක දී දහසක් භික්ෂූන් අරහත්වයට පත් කරවූ තුන්බෑ ජටිල පිරිස දමනය කිරීම පිණිස අනුත්තර පුරිසදම්ම සාරථී වූ භාග්‍යවතුන් වහන්සේ ගේ ගමන් ඇරඹීම සිදු වුණෙත් ඉල් මස පෝය දිනයේදීමයි.

ඉල් පුන් පොහොය උදාවත්ම වස්සාන ඍතුව අවසන් වෙනවා. මීට වසර 2605කට පෙර උදා වූ ඉල් පුන් පොහෝ දිනයේ දී අප ශාස්තෘ වූ ගෞතම අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් ධර්ම ප්‍රචාරය සඳහා ප්‍රථම රහතන් වහන්සේලා හැටනම දඹදිව් තලය සිසාරා පිටත් කොට වදාළා.

පසුවස් සමාදන් වූ භික්ෂූන්ගේ පවාරණ දිනයත් මෙම ඉල් පොහොයට යෙදීම සිරිතක්‌. කඨිනාස්තරණ විනය කර්මය කළ හැකි අවසන් දිනය හෙවත් චීවර මාසයේ අවසාන දිනයත් ඉල් පොහොය දිනයයි.

මතු බුදු බව ලබන මෛත්‍රීය මහ බෝසතාණන් වහන්සේ ගෞතම බුදුරජුන්ගෙන් නියත විවරණ ලැබූ දිනය ලෙස සඳහන් වන්නේත් ඉල් පුර පසළොස්වක් පොහෝ දිනයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළෙඳ ඇමති, ඇමතිකම ළමයෙකුට දීලා ගෙදර යන්න..ගෑස් මුදලාලිලා තමයි ආණ්ඩුවට ගෑස් පෙන්නන්නේ
03:32
Video thumbnail
අධ්‍යපන ඇමතිතුමිය මේක කටින් කිව්වට වැඩක් නෑ..මේක බරපතළ ප්‍රශ්නයක්..
04:55
Video thumbnail
මන්ත‍‍්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත විවාදයට දින නියමවෙයි
04:26
Video thumbnail
කෝච්චි පාරේ අනූනවයෙන් බේරුන ජීවිතය..තම ජීවිතයත් පරදුවට තියලා මනුස්සයෙක් බේරාගත් හැටි
01:18
Video thumbnail
ඖෂධ මිල පාලන කමිටුව ඖෂධ මාෆියාවට අ#වෙලා ?චමල්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්
03:51
Video thumbnail
Kasthirama | “නොයන් මාරකයෙකු සමඟ ගමන් “ - කස්තිරම විශේෂ වැඩසටහන
01:32:55
Video thumbnail
දැන් දූ#ත සූත්‍රවලටත් එහා ගිහින් රජ හොරු සූත්‍ර කරන්නේ..රටේ සා#ය වුණේ ජවිපේ
03:54
Video thumbnail
ත්‍රීවිල් කැබින් එක කඩා රු:75000ක මුදලකට ෂොට් එක දුන්න සොරදෙටුවා..අතේ මාට්ටු වුණ හැටි
01:04
Video thumbnail
ගෑස් සමාගම ට්‍රම්ප් වගේ රෑ හිතලා උදේ වැඩි කරනවා..වසන්ත මොකක්ද රජයේ ප්‍රතිපත්තිය
04:51
Video thumbnail
සජිත්, හර්ෂණ, මහින්ද ගංගාරාමයේ ධාතු වන්දනාවට යයි..අපි සතුටු වෙනවා අපේ නායකයා ගැන
05:46


?