තීරණාත්මක ශ්‍රී ලංකාව නවසීලන්තය සටන අද

2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය තරග වදින තීරණාත්මක තරගය අද (29 ) ඔස්‌ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා.

සුපිරි 12 වටය යටතේ පළමු තරගයේ ඔස්‌ට්‍රේලියාව දරුණු පරාජයකට ලක්කර නවසීලන්තය එහි පෙරමුණට පැමිණි අතර ඇෆ්ගනිස්තානයට එරෙහිව පසුගිය 26 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ඔවුන්ගේ දෙවන තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණා.

ශ්‍රී ලංකාව පළමු තරගයේ දී අයර්ලන්තයට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් අතර ඔස්‌ට්‍රේලියාව හමුවේ දෙවැනි තරගයේ දී කඩුලු 7ක පරාජයකට උරුමකම් කීය.

ඒ අනුව අද තරගයෙන් ජය ගැනීම තරගාවලියේ ඉදිරියට යෑම සඳහා කණ්ඩායම් දෙකටම වැදගත් වනු ඇති.

ශ්‍රී ලංකා වේග පන්දු යැවීමේ බලඇණිය ආබාධ තත්ත්වයන් හේතුවෙන් අඩපණ වී ඇති අතර ලහිරු කුමාරගේ පන්දු යැවීම ප්‍රශංසනීය මට්ටමක පවතින දඟ පන්දු යවන්නන් ලෙස පෙරමුණ ගෙන සිටින වනිදු හසරංග සහ මහීෂ් තීක්ෂණ ඔස්‌ට්‍රේලියාව හමුවේ දැඩි ප්‍රහාරයකට ලක් වීම සම්බන්ධයෙන් අද තරගයේ දී අවධානය යොමු කළ යුතු වේ.

නවසීලන්ත කණ්ඩායමේ පන්දු යැවීමේ බලඇණියද ඉහළ මට්ටමක පවතින අතර වේග පන්දු යවන්නන් වන ටේ‍රන්ට් බෝල්ට් සහ ටිම් සවුති ගේ දක්ෂතා ඔස්‌ට්‍රේලියාවට එරෙහිව තරගයේ ප්‍රශංසනීය මට්ටමක පැවති අතර දඟ පන්දු යවන මිචෙල් සැන්ට්නර් ගේ පන්දු යැවීම හමුවේද කල්පනාකාරීව පිතිහරඹයේ නිරත වීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ වගබලාගත යුතු වනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:11
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18
Video thumbnail
වැලිකඩ බන්ධනාගාරයට විශාල සෙනඟක් ඇවිත්
00:59
Video thumbnail
ධනයට බලයට වහල්වීම නෙවෙයි නිදහස..දේව මෙහයට එක්වී කාදිනල්තුමා දුන්න නත්තල් පණිවුඩය
09:26
Video thumbnail
ප්‍රපාතයකට පෙරළුණු සිමෙන්ති ලොරිය ගොඩගත්ත හැටි
01:15
Video thumbnail
කෙඳිරි ගාන්න එපා රන්වල හිටියේ නීතියට උඩින්..ආණ්ඩුවේ අයට අත තිබ්බොත් උඹලට වෙන්නේ මේකයි කියලා පෙන්නුවේ
13:50


?