AFC Banner
Empty Ad
Empty Ad

අධිබලැති කිලෝ පහක් බරැති මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක් හමුවේ

වළදමා තිබියදී කිලෝ පහක් බරැති එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක් (17) සවස හමුවී ඇති බව සෙට්ටිකුලම් පොලීසිය පැවසීය.මෙලෙස හමුවි ඇත්තේ වව්නියාව සෙට්ටිකුලම් පොලිස් වසමේ සින්නතම්පනෙයි ප්‍රදේශයේ කැලෑවක තිබියදී.

වව්නියාව පොලිස් රාජ්‍ය බුද්ධිඅංශ නිලධාරීන්ට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව සෙට්ටිකුලම් පොලීසිය සහ පොලිස් විශේෂ කාර් ය බලකා නිලධාරීන්ගේද සහය ඇතිව මෙම සොයා ගැනිම සිදුකර ඇත.

පොළව යට ඉතා ආරක්ෂිතව වලදමා තිබූ එක් ඇඳුම් කට්ටලයක් කිලෝ දෙකහමාර් බැගින් වූ බරකින් යුක්ත මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක් විය.අදාල මරාගෙන මැරෙන් ඇඳුම් කට්ටල දෙක ගොඩගන්නා අවස්ථාවේදීද සක්‍රීයව ආරක්ෂා කාරීව තිබුනු බවටත් අවසන් යුද සමයේදී කොටි සංවිධානය විසින් මතු ප්‍රයෝජනය සඳහා ආරක්ෂිතව මෙම ස්ථානයේ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙක වලදමන්නට ඇති බවට පොලීසිය සැක කරයි

සෙට්ටිකුලම් පොලීසිය පැවසුවේ. මෙම මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙක අධිකරණ නියෝගයකින් නිශ්ක්‍රීය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහයද ලබාගන්නා බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?