පුහුණු ශ්‍රමිකයන් රට රැකියාවලට යවන්න කඩිනම් සැලසුම් 

වෘත්තීය පුහුණු ආයතන සමඟ මනා සම්බන්ධීකරණයෙන් පුහුණු ශ්‍රමිකයන් වැඩි වශයෙන් විදේශ රැකියා සඳහා යොමු කිරීමට වඩාත් කාර්යක්ෂම වැඩපිළිවෙළක් සහිත සැලැස්මක් සති දෙකක් තුළ සකස් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මඟින් විදේශ රැකියා අමාත්‍යාංශයට සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් දුන්නේය.

විදේශ රැකියා ක්ෂේත්‍රයේ ගුණාත්මක වර්ධනය උදෙසා ඉටු විය යුතු කාර්යභාරය ඇගයීම පිළිබඳ වූ කාර්යසාධන විගණන වාර්තාව පරීක්ෂාවට රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගියදා (21) පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මේ උපදෙස් දීම සිදු කළා

මේ අනුව එම ආයතන ඉදිරියේදී නැවත කෝපා කමිටුව හමුවට කැඳවන බවද කමිටු සභාපතිවරයා පැවසීය.

විදෙස් රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයන්ට විශාල ඉල්ලුමක් තිබුණ ද ඉල්ලුමට සරිලන පුහුණු ශ්‍රමිකයන් මෙරටින් යැවීමට නොහැකි වීම බරපතළ ගැටලුවක් බවද 2021 වසරේ මෙය සියයට 33ක් තරම් පහළ අගයක් ගෙන ඇති බවත් මෙහිදී කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?