අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පන්දුවාර විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුව නිකුත් කර තිබෙනවා.
එහි තුන්වැනි ස්ථානයේ සිටි වනිදුට ඊයේ ඔස්ට්‍රේලියානු පිතිකරුවන් ඉදිරියේ ලැබූ අමිහිරි අත්දැකීමත් සමග 6 වැනි ස්ථානය දක්වා පහළ ගොස් තිබේ. ඒ සමග 6 වැනි ස්ථානයේ සිටි මහීෂ් තීක්ෂණ එක් ස්ථානයකින් ඉහළට පැමිණ තිබේ.
ඒ අනුව මහීෂ් තීක්ෂණ මේ වන විට 5 වැනි ස්ථානයේ රැදී සිටිනවා.
මෙම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ රැදී සිටින්නේ ඇෆ්ගනිස්ථාන පිලේ රෂීඩ් ඛාන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2














