අපේ ජයග්‍රාහී සෙට් එකත් එක්ක ඔස්ට්‍රේලියානු පිළ අද තරඟයට

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.30 ට පර්ත්හිදී සුපිරි 12 වටයේ තරගය ආරම්භ වන අතර, නවසීලන්තයට එරෙහි ආරම්භක තරගයේදී ක්‍රීඩා කළ ක්‍රීඩකයන් 11 කෙරෙහි ඕස්ට්‍රේලියානු කණ්ඩායම විශ්වාසය තබා ඇතැයි තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා.

පිතිකරු ස්ටීව් ස්මිත් සහ තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් සංචිතයේ සිටින හෙයින්, ශ්‍රී ලංකාවට එරෙහිව මීළඟ තරගයේදී වෙනස්කම් සිදු කරන ලෙස ඇතැම් විචාරකයින් මත පළ කර තිබූ පසුබිමක මිචෙල් මාෂ් මේ කරුණු හෙළි කළේය.

තේරීම් කමිටුව ක්‍රීඩකයන්ට නැවත දස්කම් අතරට පැමිණීමට අවස්ථාවක් ලබාදී ඇති බවයි මාෂ් පැවසුවේ.

“මගේ දැනුමට අනුව අපේ එදා 11 ම ක්‍රීඩා කරනවා. තරගාවලියේ ස්වභාවය එහෙම තමයි. තරගයක් පරාජය වුණාම දැන් අප ඉදිරියේ ඇති දේ කුමක්ද යන්න වටහා ගත යුතුයි. මම හිතන්නේ අප බොහෝ දුර බැලීම වැදගත් නෑ. අපිට අද රෑ ශ්‍රී ලංකාව හමුවෙනවා. අපට වැදගත් වන්නේ දැන් ඒ තරගය පමණයි“ මාෂ් පර්ත් හිදී පැවසීය.

කෙසේ වුවද අයර්ලන්තය සමඟ තරගයේදී තම කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ගේ සේවය උපක්‍රමශීලීව ලබාගත් බවත්, ඒ ආකාරයෙන්ම ඔස්ට්‍රේලියාව අමාරුවේ දැමීම තම සැලසුම බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සදහන් කළේය.

වෙනදා ආරම්භක පන්දු ඕවරය මහීෂ් තීක්ෂණට ලබා දුන්නද අයර්ලන්තයට එරෙහි තරගයේදී දඟ පන්දු යැවීම ආරම්භ කළේ 5වැනි ඕවරයේ සිටය. එම ඕවරයේ සිවුවැනි පන්දුවේදීම සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට මහීෂ් සමත් වූ අතර, එතැන් සිට වනිදු හා ධනංජය යොදා ගැනීමට ශ්‍රී ලංකා නායකයා කටයුතු කළා

“ඒ වගේ ක්‍රිකට් තමයි අපිට ක්‍රීඩා කරන්න ඕන. ඇත්තටම සතුටුයි අපි ක්‍රීඩා කරපු විදිහ පිළිබඳව. අයර්ලන්තයට එරෙහි තරගයේදී දඟ පන්දු යවන්නන් ප්‍රධාන භූමිකාවක් ඉටු කරන බව අපි දැන සිටියා. අපි මේ තරගයේදී උපක්‍රමශීලීව දඟ පන්දු යවන්නන් යොදා ගත්තා. ඒක සාර්ථක වුණා” දසුන් ශානක පැවැසීය.

අද තරගයේදී ආරම්භක පිතිකරුවන් ලෙස කුසල් මෙන්ඩිස් හා පැතුම් නිශ්ශංක කටයුතු කරනු ඇතැයි සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා විශ්වාසය පළ කළේය. “පැතුම් මීළඟ තරගයට සූදානම්. නවීඩ් නවාස් මහතා පැවැසීය.

කුසල් මෙන්ඩිස් පිට පිට දෙවැනි අර්ධ ශතකය වාර්තා කරමින් ලකුනු අතර සිටීම ශ්‍රී ලංකා පිලේ විශ්වාසය වැඩි කිරීමට හේතුවක්.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැති අවසන් විස්සයි 20 තරග 5ක දක්ෂතා සැලකිල්ලට ගනිද්දී ශ්‍රී ලංකාව තරග දෙකක ජය වාර්තා කර ඇති අතර, ඔස්ට්‍රේලියාව තරග 3ක ජය ලබා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43
Video thumbnail
SLFP 75ස් වෙනි සංවත්සරයේ අපේ ජයග්‍රහයණවලින් බිඳක් හෙළිකරනවා - මේවා මේ ආණ්ඩුවේ සැලසුම් නෙවෙයි
09:30