ශ්‍රි ලාංකිකයන්ගේ පැතුම ඉටුකරමින් සිංහයන් විශිෂ්ඨ ජයක් ලබයි

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ මුහුණ දුන් දෙවන තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (18) හැකියාව ලැබුණා.

ඒ, මෙම තරගයේ දී ප්‍රතිවාදීන් වූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පරාජයට පත් කරමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ ලකුණු 79කින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 152ක් රැස්කිරීමට සමත් වුණා.

එහිදී සුපිරි නිමක් දියත් කළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 60ක් තුළ ලකුණු 74ක් රැස් කළා.

මෙම තරගයේ දී මෙවර තරගාවලියේ පළමු කඩුලු ත්‍රිත්වය වාර්තා කරන්නට එක්සත් අරාබි එමීර් දඟ පන්දු යවන ක්‍රීඩක කාර්තික් මෙයියප්පන්ට හැකියාව ලැබුණා.

එහිදී භානුක රාජපක්ෂ,චරිත් අසලංක සහ දසුන් ශානක කාර්තික්ගේ ගොඳුරු බවට පත් වුණා.

මෙම තරගය ජය ගැනීමට එක්සත් අරාබි එමීර් කණ්ඩායමට ලකුණු 153ක ඉලක්කයක් හිමි වූ අතර, ශ්‍රි ලාංකා කණ්ඩායමේ පන්දු බලඇණිය හමුවේ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට සියල්ල දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 73ක් පමණයි.

දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග කඩුලු 03 බැගින් බිඳ දැමූ අතර, මහිෂ් තීක්ෂණ කඩුලු 02ක් බිඳ දැමුවා.

තරගයේ වීරයා ලෙස පැතුම් නිස්සංක සම්මාන දිනා ගත්තා.

ම කර දෙමින්.

arebi122ddd
arebi1
arebi122


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාතිවාදී පිල්ලිවලට අඟලකින්වත් උඩට එන්න ඉඩ දෙන්නේ නෑ
02:49
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නේ නැතුව කාන්තාවෝ අල්ලගනී
03:58
Video thumbnail
හරියට පරීක්ෂණය කළොත් කවුරුත් ඉතුරු වෙන්නේ නෑ
01:32
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47