ශ්‍රි ලාංකිකයන්ගේ පැතුම ඉටුකරමින් සිංහයන් විශිෂ්ඨ ජයක් ලබයි

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ මුහුණ දුන් දෙවන තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (18) හැකියාව ලැබුණා.

ඒ, මෙම තරගයේ දී ප්‍රතිවාදීන් වූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පරාජයට පත් කරමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ ලකුණු 79කින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 152ක් රැස්කිරීමට සමත් වුණා.

එහිදී සුපිරි නිමක් දියත් කළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 60ක් තුළ ලකුණු 74ක් රැස් කළා.

මෙම තරගයේ දී මෙවර තරගාවලියේ පළමු කඩුලු ත්‍රිත්වය වාර්තා කරන්නට එක්සත් අරාබි එමීර් දඟ පන්දු යවන ක්‍රීඩක කාර්තික් මෙයියප්පන්ට හැකියාව ලැබුණා.

එහිදී භානුක රාජපක්ෂ,චරිත් අසලංක සහ දසුන් ශානක කාර්තික්ගේ ගොඳුරු බවට පත් වුණා.

මෙම තරගය ජය ගැනීමට එක්සත් අරාබි එමීර් කණ්ඩායමට ලකුණු 153ක ඉලක්කයක් හිමි වූ අතර, ශ්‍රි ලාංකා කණ්ඩායමේ පන්දු බලඇණිය හමුවේ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට සියල්ල දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 73ක් පමණයි.

දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග කඩුලු 03 බැගින් බිඳ දැමූ අතර, මහිෂ් තීක්ෂණ කඩුලු 02ක් බිඳ දැමුවා.

තරගයේ වීරයා ලෙස පැතුම් නිස්සංක සම්මාන දිනා ගත්තා.

ම කර දෙමින්.

arebi122ddd
arebi1
arebi122
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?