ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට සහතිකයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීම අවසන් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා දුෂ්කර නමුත් අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව කළමණාකාර අධ්‍යක්ෂිකා ජෝර්ජීවා ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම හැකි ඉක්මනින් ශ්‍රී ලංකාව ස්ථාවර සහ තිරසාර වර්ධන මාවතකට ගෙන ඒම සඳහා ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කැපවන බවට ඇය මෙම සකච්ඡාවේදී සඳහන් කර තිබෙනවා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී මසහිරෝ නොසාකි, ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?