තවත් රංගන ශිල්පියෙකු සියදිවි හානිකරගනී

ගිය අවුරුද්දේ සිය දිවි නසාගත් සුශාන්ත් සිං සමග රඟ පෑ සන්දීප් නහාර්ද මෙලස සියදිවි නසා ගෙන තිබෙනවා. – දිවිනසාගැනීමට පෙර ඔහු වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. – ඉන්දීය හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනිගේ ජීවිත කතාව හා සබැඳි ‘එම් එස් දෝනි – ‘දි අන්ටෝල්ඩ් ස්ටෝරි’ සිනමාපටය සඳහා රංගනයෙන් දායක වූ දක්ෂ බොලිවුඩ් රංගන ශිල්පීයෙකු වූ සන්දීප් නහාර් මෙලෙස සියදිවි හානි කරගෙන තිබෙනවා.

මුම්බායි පොලිසිය මෙම සිද්ධිය සියදිවි නසා ගැනීමක් බවට තහවුරු කලා. පෞද්ගලික හේතු මත දිවිනසාගැනීමට තමා තීරණය කළ බවට පවසමින් ඔහු සමාජ මාධ්‍ය ජාලයක සටහනක්ද තබා තිබෙනවා.ඒ සමඟ ඔහු මුහුණු පොතට වීඩියොවක්ද නිකුත් කර තිබුණා. මුම්බායිහි නිවාස සංකීරණයක පිහිටි සිය නිවසේ සිවිලිමේ විදුලි පංකාවක එල්ලී ඔහු දිවි නසාගෙන තිබෙනවා. ඔහුගේ බිරිඳ, නිවාස සංකීර්ණයේ හිමිකරු සමඟ එක්ව ඔහුව පෞද්ගලික රෝහල් දෙකකට රැගෙන ගොස් ඇති නමුත්, ඒවනවිටත් ඔහු ජීවිතය හැරගොස් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණා. එම සිද්ධිවන් අනතුරුව, ඔහුගේ බිරිඳ ඒ සම්බන්ධව පොලිසිය දැනුවත් කළ බවද පොලිස් ආරංචි මාර්ග පවසනවා.

මුම්බායි පොලිසිය ඔහුගේ හදිසි මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් මේවන විට ආරම්භ කර තිබෙනවා. එම සිනමාපටයේ දෝනිගේ යහළුවා ලෙස රංගනයෙන් දායකවූයේ සන්දීප් නහාර්ය. එම සිනමාපටයේම දෝනිගේ චරිතයට පණ පෙවූ සුප්‍රකට රංගන ශිල්පී සුශාන්ත් සිං රාජ්පුත්ද පසුගිය වසරේ දිවි නසාගත්තා. ඒ සම්බන්ධයෙන් ද දැඩි කතාබහක් ඇතිවී තිබෙනවා. ආක්ෂේ කුමාර් නිෂ්පාදනය කළ ‘කේසාරි’ සිනමාපටයේ ද සන්දීප් නහාර් රංගනයෙන් දායක විය මෙම හදිසි මරණය ගැන ඉන්දීය සුපිරි නළු ආක්ෂේ කුමාර්ද එලෙස සටහනක් එක්නොට තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09