T20 ලෝක කුසලානය අරඹමින් නැමීබියා ශ්‍රී ලංකා තරගය තවත් හෝරා කිපයකින්

2022 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියාවේදී හෙට (16) ආරම්භ වනවා.

තරගාවලියේ පළමු තරගයට එක් වන්නේ ශ්‍රී ලංකාව සහ නැමීබියා කණ්ඩායමයි. 2007 වසරේ සිට මේ දක්වා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන 07 ක් පවත්වා ඇති අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 20යි 20 ලෝක කුසලාන ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම බවට පත් වන්නේ 2012 සහ 2016 ලෝක ශුරයින් බවට පත් වෙමින්.

ශ්‍රී ලංකාව 2009 සහ 2012 වසරේදී තරගාවලියේ අනුශූරයින් බවට පත් වනවා. නමුත් 2014 වසරේදී පැවැති පන්දුවාර 20යි20 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාව දිනාගන්නේ ප්‍රබල ඉන්දීය ක්‍රීඩකයින් පරාජය කරමින්.

1996 වසරේදී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් අනතුරුව පළමුවරට ක්‍රිකට් ලෝක කිරුළක් මෙරටට දිනා දුන් කණ්ඩායම ලෙස, ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වාර්තා අතරට එක් වූණා. 2016 සහ 2021 වසරවලදී බටහිර ඉන්දීය කොදෙව් සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම් 20යි 20 ලෝක කුසලානය ශූරයින් බවට පත් විය.

හෙට (16) ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වන්නේ එහි 08 වන ශූරයින් තෝරා ගැනිම උදෙසා.

මෙවර තරගාවලිය සඳහා රටවල් 16 ක් තරග වදින අතර ජාත්‍යන්තර 20යි 20 තරග ආකෘතියේ වැඩිම ප්‍රසාද ලකුණු ලබා සිටින කණ්ඩායම් 12 නිතරගයෙන් තරගාවලියට එක් වනවා. අනෙක් කණ්ඩායම් 2 තෝරා ගනු ලබන්නේ සුදුසුකම් ලබා ගැනීමේ තරගවලදී ප්‍රදර්ශනය කරන දක්ෂතා අනුවයි.

හෙට ආරම්භ වන සුදුසුකම් ලැබීමේ වටයට එක් වන්නේ, ශ්‍රී ලංකාව, නැමීබියාව, නෙදර්ලන්තය, එක්සත් අරාබි එමීර්, ස්කොට්ලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ කණ්ඩායම් වන අතර තරඟාවලිය ආරම්භ කරමින් ආසියානු ශූරයින් ලෙස ශ්‍රී ලංකාව සහ නැමීබියාව හෙට තරග බිමට පිවිසෙන්නේ කාර්ඩිනියා පාර්ක් හී ජිලෝන්ග් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරඟවටයේදී එක්සත් අරාබි එමීර් සහ නෙදර්ලන්ත කණ්ඩායම්වලට එරෙහිව ද තරඟ කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්, ගැබා, ජීලොන්ග්, හෝබාට්, මෙල්බන් , පර්ත් සහ සිඩ්නි යන ක්‍රීඩාංගණ වල හෙට සිට 2022 පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන ක්‍රිඩාංගනයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාතිවාදී පිල්ලිවලට අඟලකින්වත් උඩට එන්න ඉඩ දෙන්නේ නෑ
02:49
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නේ නැතුව කාන්තාවෝ අල්ලගනී
03:58
Video thumbnail
හරියට පරීක්ෂණය කළොත් කවුරුත් ඉතුරු වෙන්නේ නෑ
01:32
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47