කැළැඹුණු කාලගුණයෙන් ගාල්ල ඇතුලු ප්‍රදේශ රැසකට හානි

ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ඊයේ ( 13 ) දහවල් වන විට පහත්බිම් සහ මාර්ග රැසක් ජලයෙන් යටවී පවුල් 87 ක සාමාජිකයන් 487 දෙනකු පීඩාවට පත්ව නිවාස 27 කට අර්ධ හානි සිදුව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසනවා .

මෙම පිරිසෙන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙනි . එහි පියදිගම , දංගෙදර , දෙද්දුගොඩ යන ග්‍රාමසේවා වසම්වල පවුල් 60 ක සාමාජිකයන් 300 ක් පීඩාවට පත්ව ඇත . ඉමදුව , හබරාදුව තවලම , ඇල්පිටිය , බෝපෙ පෝද්දල සහ රත්ගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 27 ක සාමාජිකයන් 107 ක්ද පීඩාවට පත්ව ඇත . මේ අතර ඇල්පිටිය ඉහළ නැගෙනහිර ප්‍රාථමික පාසලේ ගොඩනැගිල්ලක් මතට ගසක් කඩා වැටීමෙන් හානි සිදුව ඇති අතර කිසිවෙකුටත් හානියක් සිදුව නැති බවද ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි . ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ මිනුවන්ගොඩ බිංගෙය අසළ දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම නිසා මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට ද බාධා පැමිණ තිබිණ .

ගාල්ල දිස්ත්‍රික් ආපදා සහනසේවා මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සියලුම සහන සැලසීම සඳහා පියවර ගෙන ඇති අතර හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් පීඩාවට පත්වන ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ගෙන යෑම සඳහා නෙළුව , තවලම , නාගොඩ ආදී ප්‍රදේශවල බෝට්ටු සේවාවක්ද සුදානම් කර ඇති බවයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් Airport එකත් වී ගබඩා කරන තැනක් කළා - හොරු අල්ලනවා කියන සන්දර්ශනයෙන් මිනිස්සුන්ව මුලා කරලා
02:46
Video thumbnail
විධායකය විසින් අධිකරණයට තෑග්ගක් දෙන්නද යන්නේ ?අදත් හදිසියේම හමුවුණු ඒකාබද්ධ විපක්ෂය
04:18
Video thumbnail
බලය නොලැබීමේ බියෙන්ද ඉන්නේ ආණ්ඩුව ? - බලය ගන්න කළින් මාස 6න් ගොඩ දානවා කිව්වා
04:36
Video thumbnail
මුදල් වංචා වුණේ නෑ කියනවා නෙවෙයි අපි - යටපත් කරන්නේ නෑ - අපිත් පිරිසිදු වෙන්න ඕනි
05:47
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන අහද්දි මාලිමා මන්ත්‍රීගේ කතා බහ උණුසුම් වෙයි - කිසි වංචාවක් කරලා නෑ
06:30
Video thumbnail
ආණ්ඩුව කරලා තියෙන සංවර්ධන ව්‍යාපෘති මොනවද ?නාස්තිකාර දේශපාලන සංස්කෘතිය අපි ඉවත් කළා
08:22
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:18
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහල් දෙන්න තීරණයක් කළේ නෑ..යෝජනාවක් විතරයි
10:35
Video thumbnail
කසිප්පුකාරයා කිව්ව එක ගැන අහද්දි චන්දනට කට උත්තර නැතිවෙයි ?කිසිසේත්ම එහෙම ආමන්ත්‍රණයක් නෑ
08:42
Video thumbnail
අමෙරිකාවට හෙම්බිරිස්සාවක් හැදෙද්දි අපිට නිවිමෝනියාව හැදෙන ආර්ථිකයක්ද තාම තියෙන්නේ ?
07:39