AFC Banner
Empty Ad
Empty Ad

රටක් ලෙස ඉදිරියට යාමට නම් සංවර්ධන කටයුතු සහ පරිසරය සුරැකීම
එකවර සිදුකළ යුතුයි

රටක් ලෙස ඉදිරියට යාමට නම් සංවර්ධන කටයුතු සහ පරිසරය සුරැකීම වෙන්වෙන්ව නොව එකටවිට සැලසුම් කර ක්‍රියාවට නැංවිය යුතු බව පරිසර අමාත්‍ය ඉංජිනේරු නසීර් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මධ්‍යම පරිසර අධිකාරියේ දී අද (13) පැවති, පරිසර සභාවේ 14 වැනි සැසියේ පස්වන රැස්වීම අමතමින්

රට අද වැටී ඇති තත්වයෙන් ඉදිරියට ගෙනයාමට නම් නව කර්මාන්ත ඇති කළ යුතු බවත් පරිසරය සුරැකීමට යැයි කියමින් කර්මාන්ත ඇති කිරීම නවතා දැමිය නොහැකි බවත් අමාත්‍යවරයා  මෙහිදී සඳහන් කර තිබුණා

නව තාක්ෂණය යොදා ගනිමින් පරිසර හානි අවම වන ආකාරයට කර්මාන්ත ඇති කිරීම සඳහා දැනටමත් අවධානය යොමු කර ඇති බව ද රටක් ලෙස අප අද මුහුණ දෙන ගැටලු විසඳාගනිමින් ඉදිරියට යාමට ඒ සඳහා සියලු දෙනාගේ සහය රජය අපේක්ෂා කරන බව ද ඔහු පැවසුවේය.  

“හරිත ආර්ථිකය” සහ “හරිත බලශක්තිය” කෙරෙහි මුළු ලෝකයම අවධානය යොමු කර ඇති මෙවන් යුගයක අප රට ද නිශ්චිත වැඩපිළිවෙළක් ඇතිව ඒ සඳහා යොමුවීමේ වැදගත්කම මෙහීදී අමාත්‍යවරයා විසින් අවධාරණය කරන ලදී.

දේශගුණික විපර්යාස ඇති වීම වැළැක්වීමේ ජාත්‍යාන්තර වැඩසටහන් සඳහා ක්‍රියාකාරීව සහය වන රටක් ලෙස “හරිත ආර්ථිකය”  සහ “හරිත බලශක්තිය” කෙරෙහි අප රට යොමු කිරීමට ජාත්‍යන්තර වශයෙන් ලබාගත හැකි සහය පිළිබඳව මේ වන වන විටත් සොයා බලා කටයුතු කර ඇති බව පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා පැවසුවේය.

ඕනෑම ව්‍යාපෘතියක් හෝ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ දී කිසිදු සොයා බැලීමකින් තොරව විරුද්ධවීමේ සංස්කෘතියක් අප රටේ පවතින බවත් අප රට සංවර්ධිත රටක් බවට පත්කිරීමටනම් මෙම තත්වය වෙනස් කළ යුතු බවත් ඒ සඳහා සියලුදෙනාගේ සහය අපේක්ෂා කරන බවත් පරිසර අමාත්‍යවරයා මෙහිදී  ප්‍රකාශ කළේය. රජයේ මෙම සංවර්ධන වැඩසටහනේ දී අන්තර් අමාත්‍යංශ සම්බන්ධතාව ඉතා වැදගත් බවත් ඕනෑම වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට පෙර අදාළ සියලු නිලධාරීන් දැනුම්වත් කිරීමට තමා කටයුතු කරන බවත් සියලු කටයුතු විනිවිද භාවයකින් යුතුව සිදුකරන බවත් පැවසූ අමාත්‍යවරයා ගැටලුවක් තිබෙන ඕනෑම අවස්ථාවක ඒ පිළිබඳව තමාට දැනුම් දෙන ලෙස නිලධාරීන්ගෙන් සහ පරිසර සභාවේ සමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

001100
0089
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔරුවක නැගලා මහ වැස්සේ දීගෙක යන ජෝඩුව #couple #viralnews #shortvideo #1millionaudition
00:04
Video thumbnail
මාන්නප්පෙරුමඅයින්වුනා කිව්වාම මම Shok වුණා #sjb #short #vrall
00:16
Video thumbnail
හිරුණිකා අයින් වෙලා කියලා මම දන්නේ නෑ #sajithpremadasa #hirunika_premachandra ##sjb
03:38
Video thumbnail
සජබය ට පාර්ලිමේන්තු මැතිවරණය දිනන්න ඕනි නම් කළ යුතු දේ හිරුණිකා කියයි #hirunika_premachandra #sjb
01:56
Video thumbnail
අතුරුදහන් වුණ පුද්ගලයන් ගැන හොයන්න ආණ්ඩුවට සදාචාරාත්මක වගකීමක් තියෙනවා
02:39
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය සංවේදීව මාධ්‍යට කිව්ව කතාව #keheliyarambukwella
05:04
Video thumbnail
ජනපති අනුරගේ හොඳ කියන හිරුණිකා - කළකිරුනු හිරුණිකා සජබ පැටිකිරියම දිගහරී
02:27
Video thumbnail
මේ ආණ්ඩුවත් ජනතාවට සහන දෙන්නේ නෑ - දින දෙක තුනක් බිත්තර අඩුවුණා
02:55
Video thumbnail
සජිත්ගේ පරාජයට හේතුව හරුණිකා මාධ්‍යට කියයි - පුතාණෝගේ සායම එළිපිටම විනාසයි #sajithpremadasa #sjb
03:53
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන තත්ත්වයක් තියෙන්නේ #npp #akd #anurakumaradissanayake
01:19

?