රටක් ලෙස ඉදිරියට යාමට නම් සංවර්ධන කටයුතු සහ පරිසරය සුරැකීම
එකවර සිදුකළ යුතුයි

රටක් ලෙස ඉදිරියට යාමට නම් සංවර්ධන කටයුතු සහ පරිසරය සුරැකීම වෙන්වෙන්ව නොව එකටවිට සැලසුම් කර ක්‍රියාවට නැංවිය යුතු බව පරිසර අමාත්‍ය ඉංජිනේරු නසීර් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මධ්‍යම පරිසර අධිකාරියේ දී අද (13) පැවති, පරිසර සභාවේ 14 වැනි සැසියේ පස්වන රැස්වීම අමතමින්

රට අද වැටී ඇති තත්වයෙන් ඉදිරියට ගෙනයාමට නම් නව කර්මාන්ත ඇති කළ යුතු බවත් පරිසරය සුරැකීමට යැයි කියමින් කර්මාන්ත ඇති කිරීම නවතා දැමිය නොහැකි බවත් අමාත්‍යවරයා  මෙහිදී සඳහන් කර තිබුණා

නව තාක්ෂණය යොදා ගනිමින් පරිසර හානි අවම වන ආකාරයට කර්මාන්ත ඇති කිරීම සඳහා දැනටමත් අවධානය යොමු කර ඇති බව ද රටක් ලෙස අප අද මුහුණ දෙන ගැටලු විසඳාගනිමින් ඉදිරියට යාමට ඒ සඳහා සියලු දෙනාගේ සහය රජය අපේක්ෂා කරන බව ද ඔහු පැවසුවේය.  

“හරිත ආර්ථිකය” සහ “හරිත බලශක්තිය” කෙරෙහි මුළු ලෝකයම අවධානය යොමු කර ඇති මෙවන් යුගයක අප රට ද නිශ්චිත වැඩපිළිවෙළක් ඇතිව ඒ සඳහා යොමුවීමේ වැදගත්කම මෙහීදී අමාත්‍යවරයා විසින් අවධාරණය කරන ලදී.

දේශගුණික විපර්යාස ඇති වීම වැළැක්වීමේ ජාත්‍යාන්තර වැඩසටහන් සඳහා ක්‍රියාකාරීව සහය වන රටක් ලෙස “හරිත ආර්ථිකය”  සහ “හරිත බලශක්තිය” කෙරෙහි අප රට යොමු කිරීමට ජාත්‍යන්තර වශයෙන් ලබාගත හැකි සහය පිළිබඳව මේ වන වන විටත් සොයා බලා කටයුතු කර ඇති බව පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා පැවසුවේය.

ඕනෑම ව්‍යාපෘතියක් හෝ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ දී කිසිදු සොයා බැලීමකින් තොරව විරුද්ධවීමේ සංස්කෘතියක් අප රටේ පවතින බවත් අප රට සංවර්ධිත රටක් බවට පත්කිරීමටනම් මෙම තත්වය වෙනස් කළ යුතු බවත් ඒ සඳහා සියලුදෙනාගේ සහය අපේක්ෂා කරන බවත් පරිසර අමාත්‍යවරයා මෙහිදී  ප්‍රකාශ කළේය. රජයේ මෙම සංවර්ධන වැඩසටහනේ දී අන්තර් අමාත්‍යංශ සම්බන්ධතාව ඉතා වැදගත් බවත් ඕනෑම වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට පෙර අදාළ සියලු නිලධාරීන් දැනුම්වත් කිරීමට තමා කටයුතු කරන බවත් සියලු කටයුතු විනිවිද භාවයකින් යුතුව සිදුකරන බවත් පැවසූ අමාත්‍යවරයා ගැටලුවක් තිබෙන ඕනෑම අවස්ථාවක ඒ පිළිබඳව තමාට දැනුම් දෙන ලෙස නිලධාරීන්ගෙන් සහ පරිසර සභාවේ සමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

001100
0089


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46