ඉන්ධන වල ප්‍රමිතිය පිලිබඳ වාර්තාව අද

මේවන විට රට පුරා ඇති ඉන්ධනහල්වලින් ඉන්ධන නිකුත් කිරිම පිලිබද ගැටලුවක් ඇතිව පවතිනවා.ඒ බාල තෙල් නිකුත් කිරිම සම්බන්ධවයි. මෙරට ඇතැම් ඉන්ධන පිරහුම් හල් වලින් ඔක්ටෙන් 95 බව කියමින් ඔක්ටේන් 92 ඉන්ධන නිකුත් කරන බවට ලද පැමිණිල්ලකට අනුව ඉන්ධන වල ප්‍රමිතිය සොයා බැලීම සඳහා ඉන්ධන සාම්පල තාක්ෂණික ආයතනයට යොමු කළ බවත් අදාළ චෝදනා වල සත්‍ය අසත්‍යතාව පිළිබඳ වාර්තාව අද (12) ලැබෙනු ඇති බවත් මහජන උපයෝගීතා උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි .

වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන උපයෝගීතා උපයෝගිතා කොමිසමේ සභාපති,

”ඉන්ධන පිරවුම් හල් වල සිදුවන බව කියන අකටයුතුකම් පිළිබඳව පසුගිය මාස දෙක තුන පැමිණළ පැමිණිලි 200 කට වඩා ලැබී තිබුණා . පාරිභෝගික සේවා අධිකාරියත් මේ සම්බන්ධයෙන් පැමිණිලි කළා . පාරිභෝගික සේවා අධිකාරියෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව පසුගියදා වැල්ලවාය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල් පරික්ෂා කළා . එක් ඉන්ධන පිරවුම්හලක පොම්ප අටක් තිබුණා . ඒ පොම්ප අටෙන්ම ඉන්ධන නිකුත් කෙරුණේ නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් . ඉන්ධන ලීටරයක් මිලට ගන්නා පාරිභෝගිකයකුට සැබෑ ලෙසම ලැබී තිබුණේ තමන් ගෙවූ මුදල් වටිනාකම ට අඩු ඉන්ධන ප්‍රමාණයක් . එම පිරවුම්හලෙන් ඉන්ධන ලීටර් 20 ක් ලබාගන්නා සෑම පාරිභෝගිකයෙකුට ම රුපියල් 100 ක පාඩුවක් සිදුව තිබුණා . එම අසීමිත ලාභය ගොස් තිබුණේ ඉන්ධන පිරවුම්හලේ හිමිකරුටයි . මේ අසීරු අවස්ථාවේ ව්‍යාපාරිකයන් තමන්ගේ වෙළඳාම සාධාරණව නොකොළොත් අසීරුතාවයට පත් වන්නේ ජනතාවයි”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් Airport එකත් වී ගබඩා කරන තැනක් කළා - හොරු අල්ලනවා කියන සන්දර්ශනයෙන් මිනිස්සුන්ව මුලා කරලා
02:46
Video thumbnail
විධායකය විසින් අධිකරණයට තෑග්ගක් දෙන්නද යන්නේ ?අදත් හදිසියේම හමුවුණු ඒකාබද්ධ විපක්ෂය
04:18
Video thumbnail
බලය නොලැබීමේ බියෙන්ද ඉන්නේ ආණ්ඩුව ? - බලය ගන්න කළින් මාස 6න් ගොඩ දානවා කිව්වා
04:36
Video thumbnail
මුදල් වංචා වුණේ නෑ කියනවා නෙවෙයි අපි - යටපත් කරන්නේ නෑ - අපිත් පිරිසිදු වෙන්න ඕනි
05:47
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන අහද්දි මාලිමා මන්ත්‍රීගේ කතා බහ උණුසුම් වෙයි - කිසි වංචාවක් කරලා නෑ
06:30
Video thumbnail
ආණ්ඩුව කරලා තියෙන සංවර්ධන ව්‍යාපෘති මොනවද ?නාස්තිකාර දේශපාලන සංස්කෘතිය අපි ඉවත් කළා
08:22
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:18
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහල් දෙන්න තීරණයක් කළේ නෑ..යෝජනාවක් විතරයි
10:35
Video thumbnail
කසිප්පුකාරයා කිව්ව එක ගැන අහද්දි චන්දනට කට උත්තර නැතිවෙයි ?කිසිසේත්ම එහෙම ආමන්ත්‍රණයක් නෑ
08:42
Video thumbnail
අමෙරිකාවට හෙම්බිරිස්සාවක් හැදෙද්දි අපිට නිවිමෝනියාව හැදෙන ආර්ථිකයක්ද තාම තියෙන්නේ ?
07:39