logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

මව්කිරිවල ප්ලාස්ටික්

මව්කිරිවල මයික්‍රෝ-ප්ලාස්ටික් සංඝටක ඇති බවට ඉතාලි වෛද්‍ය පර්යේෂකයින් පිරිසක් පළමු වරට හඳුනාගෙන තිබෙනවා.

ඉතාලියේ නිරෝගී මව්වරු 34 දෙනකුගෙන් ලබා ගත් මව්කිරි සාම්පල යොදාගන සිදුකළ පරීක්ෂණවලදී මෙය හඳුනා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පළමුවරට මයික්‍රෝ-ප්ලාස්ටික් සංඝටක සාගර ජීවීන්ගෙන් හමු වූ අතර, ඊට හේතුව ලෙස අනාවරණය වුණේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බහුලව සාගරයට බැහැර කිරීමයි.

මව්කිරිවල මයික්‍රෝ-ප්ලාස්ටික් අඩංගු බව තහවුරු වීමෙන් මිනිස් සිරුරේ ද ප්ලාස්ටික් විෂ අඩංගුවන බවට පෙනී යන බවයි එම පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.

මිලිමීටර් 05ට අඩු දිගකින් යුත් ප්ලාස්ටික් අංශු මයික්‍රෝ-ප්ලාස්ටික් හෙවත් ක්ෂුද්‍ර ප්ලාස්ටික් ලෙස හඳුන්වනවා.

“ප්ලාස්ටික් විෂ මිනිස් සිරුරුවලින් හමුවීම බිහිසුණු තත්ත්වයක්, ඒවා සෛලවලට බලපානවා, පිළිකා ඇති කරනවා. මව්කිරිවල ප්ලාස්ටික් විෂ තිබීම කොතරම් බිහිසුණු තත්ත්වයක් දැයි අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ” යනුවෙන් මෙම පරීක්ෂණය සිදුකළ වෛද්‍ය පර්යේෂකයින් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උමන්දාව - සිරි සමන්තභද්‍ර හිමිට තවත් චෝදනාවක්
03:40
Video thumbnail
කෙහෙළියගේ පවුලම ලොකු අවුලක #keheliyarambukwella
00:24
Video thumbnail
මෛත්‍රී අද කිව්ව කතාව - "අපි බැහැලම වැඩ" "මට දේශපාලන දර්ශනයක් තියෙනවා" #maithripalasirisena
04:54
Video thumbnail
රිතාන්‍ය දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක මැතිවරණය ඇරඹෙයි
03:07
Video thumbnail
සජබෙට ආපු අලුත්ම හෝඩුවාව... #sjb #ranilwickremesinghe
15:30
Video thumbnail
"යාළුවෝ බොමු කිව්ව ගමන් හැම ඇල්කොහොල් එකක්ම බොන්න එපා" - හදිසියේම ජනතාව වෙත විශේෂ දැනුම්දීමක්
03:37
Video thumbnail
පාරට ඇල්ලුව ගල් Missing..."අපිට පාර මඩවෙලා නිසා ඉස්කෝලේ යන්න විදියක් නෑ" #padukka
03:13
Video thumbnail
Dasatha “පිටුවෙන් පිටුව” – LIVE | 2024-07-04
01:05:54
Video thumbnail
රේගුවේ සද්දෙට රජය බයවෙයි...#custom #ranilwickremesinghe
04:10
Video thumbnail
සජිත් විශේෂ සමුළුවක් කැඳවයි - "පළමුවත්, දෙවනුවත්, තුන්වෙනුවත් Education" #education#sajithpremadasa
01:58

?