ජනපතිගේ නබි දින පණිවුඩය

ශ්‍රී ලාංකික හා ලෝක ඉස්ලාමීය බැතිමතුන්ගේ අතිශය ගෞරව ප්‍රසාදයට පත් මුහම්මද් නබි නායකතුමාගේ ජන්ම දිනය අදට යෙදී තිබේ.

ලොව පුරා වාසය කරන ඉස්ලාමීය බැතිමතුන්ගේ ආගමික ශාස්තෘවරයා වශයෙන් එතුමාගේ දර්ශනය, අන්කවරදාටත් වඩා අද සමාජයේ පවතින තත්ත්වය සමනය කර ගැනීමට මනා පිටිවහලක් වන බව මගේ විශ්වාසයයි.

මානවීය ගුණයෙන් උසස් ලෙස උපදින සියලු දෙනා එකිනෙකා පරයා යෑමට දරන උත්සාහය වෙනුවට එකිනෙකා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීමට නබි නායකතුමාගේ දර්ශනය ප්‍රායෝගිකව ජීවිතය හා බද්ධ කර ගැනීම එතුමන්ට කරනු ලබන පූජෝපහාරයකි.

නබි නායකතුමාගේ පහළවීම යනු එතුමාගේ දර්ශනය සමස්ත මානව ප්‍රජාව මෙන්ම අන්‍ය සියල්ලෙහි ආරක්ෂාව, පරිහරණය, ගෞරවය, අවංකභාවයේද, සත්‍ය මූර්තිමත් කරන්නකි. එතුමන්ගේ දර්ශනයට අනුව ස්වකිය ජීවිතය හැඩගස්වා ගැනීමෙන් අධ්‍යාත්මික වශයෙන් පමණක් නොව සමාජයීය වශයෙන් ද ජිවිතයට ජයග්‍රහණ ළගා කර ගැනීමට උපකාරී වේ.

අල් අමීන් හෙවත් “විශ්වාසවන්තයා” යන පර්යාය නාමයෙන් හඳුන්වන මුහම්මද් නබි නායකතුමන්ගේ උපන්දිනය ශ්‍රී ලාංකේය සහ සමස්ත ලෝකවාසී ඉස්ලාමීය ඇතුළු සෙසු ජාතීන්ගේ ද ආධ්‍යාත්මික සහ සමාජීය ප්‍රගමනයට, ශාන්තියට හේතු වේවායි ප්‍රාර්ථනය කරමි.

රනිල් වික්‍රමසිංහ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් Airport එකත් වී ගබඩා කරන තැනක් කළා - හොරු අල්ලනවා කියන සන්දර්ශනයෙන් මිනිස්සුන්ව මුලා කරලා
02:46
Video thumbnail
විධායකය විසින් අධිකරණයට තෑග්ගක් දෙන්නද යන්නේ ?අදත් හදිසියේම හමුවුණු ඒකාබද්ධ විපක්ෂය
04:18
Video thumbnail
බලය නොලැබීමේ බියෙන්ද ඉන්නේ ආණ්ඩුව ? - බලය ගන්න කළින් මාස 6න් ගොඩ දානවා කිව්වා
04:36
Video thumbnail
මුදල් වංචා වුණේ නෑ කියනවා නෙවෙයි අපි - යටපත් කරන්නේ නෑ - අපිත් පිරිසිදු වෙන්න ඕනි
05:47
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන අහද්දි මාලිමා මන්ත්‍රීගේ කතා බහ උණුසුම් වෙයි - කිසි වංචාවක් කරලා නෑ
06:30
Video thumbnail
ආණ්ඩුව කරලා තියෙන සංවර්ධන ව්‍යාපෘති මොනවද ?නාස්තිකාර දේශපාලන සංස්කෘතිය අපි ඉවත් කළා
08:22
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:18
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහල් දෙන්න තීරණයක් කළේ නෑ..යෝජනාවක් විතරයි
10:35
Video thumbnail
කසිප්පුකාරයා කිව්ව එක ගැන අහද්දි චන්දනට කට උත්තර නැතිවෙයි ?කිසිසේත්ම එහෙම ආමන්ත්‍රණයක් නෑ
08:42
Video thumbnail
අමෙරිකාවට හෙම්බිරිස්සාවක් හැදෙද්දි අපිට නිවිමෝනියාව හැදෙන ආර්ථිකයක්ද තාම තියෙන්නේ ?
07:39