සනත් ජයසූරිය ජාතික තේරීම් කමිටුවට

හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ජාතික තේරීම් කමිටුවට පත්කර තිබෙනවා.

මීට අදාළ පත්වීමේ ලිපිය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පිරිනමා ඇති බවයි වාර්තා වුණේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවට සාමාජිකයන් හත්දෙනෙක් ඇතුළත්.

පත් කරන ලද නව ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව

ආරක්ෂක මණ්ඩල ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා (සභාපති), අර්ජුන් රිශ්යා ප්‍රනාන්දු (ලේකම්), වෛද්‍ය මහියා ගුණසේකර, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ප්‍රසන්න චන්දිත්, සනත් ජයසූරිය, ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා, තිලකා ජිනදාස



අපගේ නවතම වීඩියෝ පුවත්