ලොව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට ශ්‍රී ලංකාවත්?

ලොව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ද බරපතළ ආහාර අර්බුදයකින් පෙළෙන බව ලෝක ආහාර වැඩසටහනේ වාර්තාවක් උපුටා දක්වමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වාදෙන්නේ .

පසුගිය ජුනි මාසයේ දී පළමුවරට උග්‍ර කුසගින්නෙන් පෙළෙන රටවල් අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් කරනු ලැබුවේ ලෝක ආහාර වැඩසටහන මගිනි.

සැප්තැම්බර් මාසයේ නිකුත් කළ නව වාර්තාව මගින් ද ශ්‍රී ලංකාව එම ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර අදාළ වාර්තාව උපුටා දක්වමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ද පෙන්වාදෙන්නේ මේ වසරේ ඔක්තොම්බර් මාසයේ සිට ලබන වසරේ ජනවාරි මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 19ක ආහාර ආනාරක්ෂිතභාවය තවදුරටත් පිරිහෙනු ඇති බවයි.

උග්‍ර ආහාර අනාරක්ෂිතතාව සහිත රටවල් අතර ඇෆ්ගනිස්තානය, ඉතියෝපියාව, නයිජිරීයාව, දකුණු සුඩානය, සෝමාලියාව සහ යේමනය නම් කර ඇති අතර ශ්‍රී ලංකාව ද එම අවදානමට ළංවෙමින් පවතින බව සඳහන් කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26