ලෝක ළමා සහ වැඩිහිටි දින පණිවුඩය

ලෝක ළමා සහ වැඩිහිටි දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා නිකුත් කල පණිවුඩය,

සමකාලීන සමාජයේ වෙසෙන වැඩිහිටි අපට ගෝචර වන ලෝකය, දරුවන්ගේ ලෝකය නොවේ. එය බෙහෙවින් සරලය. මටසිලිටුය.  ඔවුන් කුතුහලයෙන් පිපාසිතය. වැඩිහිටි අපි ඒ පිළිබඳ නුවණින් වටහා ගෙන, පෙර නොවූ විරූ ලෝකයක් ඔවුන් වෙනුවෙන් නිර්මාණය කිරීමට වගබලා ගත යුතුය.

පසුගිය වසර කිහිපය සැලකිල්ලට ගැනීමේ දී මෙයට වසර කිහිපයකට පෙර  දරුවන් ගත කළ  සමාජ පසුතලයට වඩා  වර්තමානය බෙහෙවින් වෙනස් වී තිබෙන බව පැහැදිලිය. මේ සම්බන්ධයෙන් ජනමාධ්‍යයෙන්  කෙරෙන අනාවරණයන් ද බොහෝය.  එ බඳු පසුබිමක රටේ සියලූම දරුවන් නිසි කැලරි ප්‍රමාණය අඩංගු සමබල ආහාර වේලක් ලබාගන්නා බව සහතික කිරීම, රාජ්‍ය නායකයා වශයෙන් මගේ යුතුකමයි. රටේ වත්මන් දරු පරපුරට පෝෂණයත්, අනාගත දරුපරපුරට දියුණු සංවර්ධිත රටක් නිර්මාණය කර දීමත් මේ මොහොතේ මගේ මෙහෙවර වේ.

මා විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පරිදි දිළිදු හා අඩු වරප්‍රසාදිත කණ්ඩායම් රැකබලා ගැනීම කෙරෙහි අවශ්‍ය කටයුතු ක්‍රමිකව සිදු කෙරෙමින් පවතී. පාසල් දරුවන් වෙනුවෙන් රජයේ වියදමින් සමබල ආහාර වේලක් ලබාදීමට කටයුතු කරන අතර, එහි ආරම්භයක් වශයෙන් පාසල් දරු දැරියන් 1,080,000කට උදෑසන පාසල් ආරම්භ වීමට පෙර සමබල පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීම දැනටමත් සිදු කෙරේ. එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ විශේෂඥයන්ගේ අනුමැතියෙන් සිදු කෙරෙන ව්‍යාපෘතියකි.  එමෙන්ම ගැබිණි මව්වරුන් සඳහා ලබාදෙන දීමනාවට අමතරව තවත් අමතර දීමනාවක් සහ ආහාර සුරක්ෂිතතාව නොමැති පවුල් සඳහා මාසිකව දීමනාවක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.

දරුවන්ගේ සුන්දර ළමා කාලය මෙන්ම අපේ රටේ උන්නතිය උදෙසා අසීමිත කැපකිරීම් කළ වැඩිහිටි ප්‍රජාව ද නෙහසින් රැකබලා ගැනීම අපගේ යුතුකමකි. එය අපේ සංස්කෘතිය හා බද්ධව පවතී. ආහාරපාන, අධ්‍යාපනය, ක්‍රීඩාව, සෞන්දර්යය, විවේකය, නින්ද, මානසික සුවය, ශාරීරික නිරෝගීතාව දරුවන්ගේ අවශ්‍යතාවලින් කිහිපයක් පමණි. ඒවා ලබාදීමට අපි සංස්කෘතිකමය හා නෛතික වශයෙන් බැඳී 
සිටිමු. රජය හැරුණු කොට ඔවුන්ගේ අවශ්‍යතා පසුවට කල් නොතබා ඉටු කිරීම මව්පියන්, ගුරුවරු ඇතුළු සිවිල් සංවිධාන නියෝජනය කරන සියලුදෙනාගේ ද වගකීම ලෙස මම දකිමි.

සියලු දරුවන් හා වැඩිහිටියන් තමන්ගේ සමීපතමයන් සේ සලකා ඔවුන් දෙස සෙනෙහසින් බලන, දකින සහ  ක්‍රියා කරන යුගයක් උදා කර ගැනීමට අපි සැවොම එක්ව කැප වෙමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුවල ආදිවාසී නායකයාගේ වියෝව ගැන සංවේදී වී කියූ කතාව..පරම්පරාවටම ලොකු පාඩුවක්
07:15
Video thumbnail
ලංකාවේ වීසා නීති වෙනස් වෙනවද ?..රටවල් 40කට Free Visa ලබා දීම ගැන CoPF එකේදි කළ හෙළිදරව්ව
16:31
Video thumbnail
CoPF එකේදිම හර්ෂද සිල්වට මාට්ටු වුණ ලොකු බොරුව.."ලොකු බොරුවක්..අපි රැවටිලානේ"
10:57
Video thumbnail
කෙටි ආහාර, ප්ලේන්ටි, රයිස් මිල ඉහළට..වසන්තට කේක් කවලා ගෑස් මිල ඉහළ යාම සමරපු හැටි
05:05
Video thumbnail
මහ පාරවල් ජලයෙන් යට වෙයි..දේමෝදර ප්‍රදේශයට අද ඇඳහැලුණු මහ වැසි
01:29
Video thumbnail
යුද හමුදාපති, නාවික හමුදාපති ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක්..
01:31
Video thumbnail
දෙනියායේ පාසල් කිහිපයක් වසයි..සිසුන් බරගානක් රෝහල්වල..සීඝ්‍රයෙන් පැතිර යන වෛරස් උණ රෝගයක්..
05:29
Video thumbnail
වෛද්‍ය වාර්තාව නැතුව ආයේ බස් ධාවනය කරන්න දෙන්නේ නෑ
00:56
Video thumbnail
මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණ මාලිමා මන්ත්‍රී හදිසියේම ඇවිත් කිව්ව දේ..මට කළකිරුනා
01:25
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.07
05:25:16