මහජනතාවට මැතිසබයේ දොරටු ඇරේ (ඡායාරූප)

පසුගිය සැප්තැම්බර් 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පාසල් සිසුන්ට පාර්ලිමේන්තු සංකීර්ණය නැරඹීම සඳහා අවස්ථාව හිමිව තිබෙනවා.

පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවල පෙරවරු 9.30 සිට පස්වරු 3.00 දක්වා මෙම අවසර ලබාදී ඇති බවයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදය කළේ.

පසුගිය කාල සීමාව තුළදී කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් 2020 මාර්තු මාසයේ සිට මහජනතාවට පාර්ලිමේන්තුව නැරඹීම සඳහා අවස්ථාව හිමි වූයේ නැහැ.

මේ වන විට විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම්, රජයේ ලියාපදිංචි උසස් අධ්‍යාපන ආයතන සහ විදේශීය සංචාරකයින් ආදී පිරිස් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඊයේ (26) දිනයේ දී කොළඹ කාන්තා විද්‍යාලයේ සිසුවියන් සියයකට අධික පිරිසක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පැමිණ තිබෙනවා.

මෙහිදී සිසුවියන්ට මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු සභා ගර්භය නැරඹීමට අවස්ථාව හිමි වූ අතර එහිදී සභාගර්භය පිළිබඳ දැනුවත් කිරිම ද සිදු කෙරුණා.

පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පාසල් බලධාරීන් හට තම අයදුම්පත් වේත්‍රධාරි වෙත ලිපියක් මඟින්, ෆැක්ස් මඟින් (0112777473/ 0112777335) හෝ www.parliament.lk වෙබ් අඩවිය හරහා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම්, රජයේ ලියාපදිංචි උසස් අධ්‍යාපන ආයතන සහ විදේශීය සංචාරකයින්ට ද මෙම පහසුකම ලබාගත හැකි බවයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

306659535 428648066077665 2351327986041144747 n
306350668 428648019411003 4244731604588934341 n
309120266 428647849411020 7952534334540133228 n
307871035 428647812744357 9161444429057112302 n
309260724 428647742744364 6778861673140594497 n
306776928 428647722744366 2603676816851569677 n
307587664 428647459411059 5303512080289529361 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51