රනිල් ලබන සතියේ පාර්ලිමේන්තුවට යන ලකුණු

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ලබන මස මුල් සතිය වන විට සිදුවනු ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

ඔහු පාර්ලිමේන්තු අසුන සඳහා නම් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති අතර, ඊට පක්ෂ නායකත්වයේ කැමැත්ත ලැබෙන තුරු බලා සිටින බවයි වාර්තා වන්නේ.කෙසේ වෙතත්, මේ මස අවසානය වන විට එම තීරණය පක්ෂය වෙත දන්වනු ඇති බව සඳහන්.පසුගිය අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට කිසිදු මන්ත්‍රී ආසනයක් මහජන ඡන්දයෙන් හිමි නොවූ අතර, ඡන්ද සංඛ්‍යාව අනුව එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණක් හිමි වුණා.

එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම් කිහිපයක් මුලින් යෝජනා වූ අතර, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය කිහිප අවස්ථාවක රැස්වුවද ඒවා අවසන් වූයේ එකඟතාවයකින් තොරවයි.

එම සෑම අවස්ථාවකදීම වැඩි අවදානයක් යොමු වූයේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබදවයි.පසුගිය දා එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය පත් කළ අතර ඒ වන විට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නායක රනිල් වික්‍රමසිංහ පත් කළ යුතු බවට එකඟතාවකට පැමිණ තිබුණා.   මේ අතර එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පත් කළ යුතු බවට වන යෝජනාවක් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමේදී පෙරේදා සම්මත කරගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36