2022 අවසානයේ විශේෂඥ වෛද්‍යවරු 9%ක් විශ්‍රාම යෑමට නියමිතයි – සෞඛ්‍ය ඇමති

මේ වසර අවසානය වනවිට විශේෂඥ වෛද්‍යවරු 9%ක ප්‍රමාණයක් විශ්‍රාම යෑමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා වෙනස්වීම මත මෙලෙස විශේෂඥ වෛද්‍යවරු 9%ක ප්‍රමාණයක් විශ්‍රාම යෑමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස විසින් එහිදී ප්‍රශ්න කර සිටියේ, එක්වර විශාල විශේෂඥ වෛද්‍යවරු පිරිසක් විශ්‍රාම යෑමෙන් සෞඛ්‍ය අංශය කළමනාකරණය කිරීම හා සේවා සැපයීම සම්බන්ධයෙන් ගැටළු සහගත තත්ත්වයක් උද්ගත විය හැකි බවයි.

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල,

“රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වයස 2022 වනතුරු අයවැය යෝජනාවක් මඟින් අවුරුදු 60 ලෙස සැලකීම මත වෛද්‍ය කෂේත්‍රයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 60ක් බවට පත්ව ඇත. දැනට ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධතිය තුළ විශේෂඥ වෛද්‍යවරු 2,278ක් පමණ සේවයේ යෙදී සිටින අතර මෙම අනිවාර්යය විශ්‍රාම වයස අවුරුදු 60 වීම මත පහත පරිදි විශේෂඥ නිලධාරීන් හා පරිපාලන නිලධාරීන් විශ්‍රාම යෑමට නියමිතයි. ඒ අනුව විශේෂඥ වෛද්‍ය නිලධාරීන් 222ක් ද පරිපාලන වෛද්‍ය නිලධාරීන් 27කුත් එකතුව 249ක් විශ්‍රාම ගැන්වීම මේ අවුරුද්ද අවසානයේ සිදුවෙනවා. ප්‍රතිශතයක් වශයෙන් විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ සංඛ්‍යාවෙන් 9%ක් පමණ, විශ්‍රාම යෑමට නියමිත බැවින් ඒ ඒ රෝහල් හා ආයතනවල පුරප්පාඩු වන විෂය ක්ෂේත්‍රය අනුව අභ්‍යන්තර ස්ථානමාරු ක්‍රමවේදය අනුව තුලනය කිරීමට හැකියාව පවතින බවත් සඳහන් කරනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09