AFC Banner
Empty Ad
Empty Ad

නව කොවිඩ් ප්‍රභේදය හමුවේ රට වසා දමනවාද ? යුද හමුදාපති ගෙන් පිළිතුරු

නව කොවිඩ් ප්‍රභේදය පාලනයට සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව අවශ්‍ය උපරිම ක්‍රියා මාර්ග ගන්නා බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

” නව කොවිඩ් ප්‍රභේදය රට තුල ස්ථාන කිහිපයකින් වාර්තා වී තිබෙන බවයි. ඒ හේතුවෙන් මෙම වෛරස ප්‍රභේද පාලනය සම්බන්ධයෙන් ගත යුතු සුදුසුතම ක්‍රියාමාර්ගය කුමක්ද යන්න සම්බන්ධයෙන් සාකච්ජා කරමින් සිටිනවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් ගත යුතු සුදුසුතම ක්‍රියා මාර්ගය සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ වන විට යම් යම් කටකතා පැතිරෙනවා රට හුදෙකලා කරන භාවයක් සම්බන්ධයෙන්. නමුත් මේ දක්වා එවැනි තීරණයක් ගෙන නැහැ. නමුත් වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ සමග එක්ව අවශ්‍ය සුදුසුතම ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව” යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේ.

මේ අතර ඉහළ සම්ප්‍රේෂණ අවධානමක් ඇති කොවිඩ් නව ප්‍රභේදය මෙරට තුළ ව්‍යාප්තවීම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසනවා.

විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා සඳහන් කරන්නේ පවතින තත්ත්වය යටතේ රට අගුළු දමන්නේද? නැද්ද? යන්න සම්බන්ධයෙන් තීරණය ගනු ලබන්නේ විශේෂඥයින්ගේ මතය ඉදිරිපත් කිරීමෙන් පසුව බවයි.

70368966 2989043867832276 8850093517171589120 n 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?