නව කොවිඩ් ප්‍රභේදය හමුවේ රට වසා දමනවාද ? යුද හමුදාපති ගෙන් පිළිතුරු

නව කොවිඩ් ප්‍රභේදය පාලනයට සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව අවශ්‍ය උපරිම ක්‍රියා මාර්ග ගන්නා බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

” නව කොවිඩ් ප්‍රභේදය රට තුල ස්ථාන කිහිපයකින් වාර්තා වී තිබෙන බවයි. ඒ හේතුවෙන් මෙම වෛරස ප්‍රභේද පාලනය සම්බන්ධයෙන් ගත යුතු සුදුසුතම ක්‍රියාමාර්ගය කුමක්ද යන්න සම්බන්ධයෙන් සාකච්ජා කරමින් සිටිනවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් ගත යුතු සුදුසුතම ක්‍රියා මාර්ගය සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ වන විට යම් යම් කටකතා පැතිරෙනවා රට හුදෙකලා කරන භාවයක් සම්බන්ධයෙන්. නමුත් මේ දක්වා එවැනි තීරණයක් ගෙන නැහැ. නමුත් වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ සමග එක්ව අවශ්‍ය සුදුසුතම ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව” යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේ.

මේ අතර ඉහළ සම්ප්‍රේෂණ අවධානමක් ඇති කොවිඩ් නව ප්‍රභේදය මෙරට තුළ ව්‍යාප්තවීම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසනවා.

විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා සඳහන් කරන්නේ පවතින තත්ත්වය යටතේ රට අගුළු දමන්නේද? නැද්ද? යන්න සම්බන්ධයෙන් තීරණය ගනු ලබන්නේ විශේෂඥයින්ගේ මතය ඉදිරිපත් කිරීමෙන් පසුව බවයි.

70368966 2989043867832276 8850093517171589120 n 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16