සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාට ලෝක කුසලානය අහිමි වෙයි

ලෝක T20 පිටියේ ප්‍රබල ම ප්‍රහාරකයකු වන ඇන්ඩ්‍රි රසල්ට ලබන මස ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය අහිමි ව තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය විස්ස යි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන කණ්ඩායම නම් කර ඇති අතර, ලකුණු අතර නො සිටීම හේතුවෙනු යි ඇන්ඩ්‍රි රසල්ට සිය ස්ථානය අහිමි ව ඇත්තේ.