කොවිඩ් අස්සේ දරුවන් අතරේ වෛරස් උණක් පැතිරෙයි

කොවිඩ් රෝගයට අමතරව මේ දිනවල පාසල් දරුවන් අතරේ වෛරස් උණ රෝගයක් පැතිරෙමින් තිබෙන බැවින් ඒ ගැන සැලකිලිමත් වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.

මෙම තත්ත්වය තුළ මුඛ ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම තවදුරටත් අඛණ්ඩවම පවත්වාගෙන යා යුතු බව ද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ වෛද්‍ය කමල් ඒ. පෙරේරා මහතා මෙසේද කියා සිටියේය.

“දැන් බොහෝ දෙනෙකුට කොවිඩ් අමතක වෙලා. තාමත් දවසකට කොවිඩ් රෝගීන් සියයකට ආසන්න පිරිසක් වාර්තා වෙනවා. ඒ වගේම දවසකට කොවිඩ් මරණ 5 ක් 6 ක් වාර්තා වෙනවා. ඒ ගැන වැඩි අවධානයක් යොමුකරන ලෙස මහජනතාව ගෙන් ඉල්ලා සිටිනවා.

පාසල් දරුවන් අතරේ වෛරස් උණ රෝගය ද දැන් පැතිරෙමින් තිබෙනවා. තම දරුවා වෛරස් උණ රෝගයෙන් පෙළෙනවා නම් පාසල් යවන්න එපා කියලා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26