ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට සමත්වූයේ පාකිස්තාන කණ්ඩායමයි.
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටය.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 170ක් ලබාගත්තා. පාකිස්තාන කණ්ඩායමට ජයග්‍රාහණය සදහා 171 ලබාගත යුතු වෙනවා.ධනංජය ද සිල්වා ලකුණු 28ක් වනිඳූ හසරංග ලකුණු 36ක් ලබාගත්තා
භානුක රාජපක්ෂ තම 20 යි 20 තරග දිවියේ තුන්වන අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 35කින්. ඊට හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් ඇතුලත් වුණා.
ඔහු නොදැවී ලබාසිටි ලකුණු සංඛ්‍යාව 71ක්. චාමික කරුණාරත්න ලකුණු 14යි.






