ආසියානු කුසලාන අවසන් මහා තරගය අද රාත්‍රියේ

අද (11) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් පකිස්තානය පරදවා ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළහොත් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ දෙකක තෑගි මුදලක් මෙරටට හිමි වීමට නියමිතය. මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් කෝටි හතක් සහ තවත් ලක්ෂ තිහක පමණ අගයකි.

ජයග්‍රාහී කණ්ඩායමට එම මුදලට අමතරව තවත් දීමනා සහ සැනසිලි තෑගි ද හිමි වේ.අනුශූරතාවය හිමි කර ගන්නා කණ්ඩායමට ඩොලර් ලක්ෂයක තෑගි මුදලක් හෙවත් රුපියල් තුන්කෝටි හැටපන්ලක්ෂයක පමණ මුදලක් තෑගි වශයෙන් පිරිනැමේ.

කෙසේ වෙතත් පසුගිය වර ශූරයන් වූ ඉන්දියාව සඳහා පිරිනමා තිබුණේ ඩොලර් 60000ක තෑගි මුදලක් පමණි. එවර අනුශූරතාවයට ඩොලර් 30000කි. ශ්‍රී ලංකාව සහ පකිස්තානයට අමතරවඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය සහ හොංකො යන රටවල් මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කළහ.

විස්සයි විස්ස අවසන් මහා තරගය අද (11) රාත්‍රි 7.30 ට ඩුබායි හි දී පැවැත්වෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?