Update : අපජලය ගලා බසින කාණුවක සිරව සිටි පාසල් සිසුවෙක් මුදාගැනේ

අපජලය ගලා බසින කාණුවකට වැටී එහි සිරවී සිටි කුරුණෑගල ප්‍රදේශයේ පාසල් සිසුවෙකු බේරා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා.

පොලිසිය සහ යුද හමුදාව එක්ව පැය භාගයකට පමණ මෙහෙයුමකින් අදාල සිසුවා මුදවා ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

අපජලය බැස යන කාණුව අසල බෑගක් තිබෙන අයුරු දැක ඒ සම්බන්ධයෙන් කළ සොයා බැලීමක දී අදාල පාසල් සිසුවා එහි සිරවී ඇති බවට දැක තිබෙනවා.

පසුව බැකෝ යන්ත්‍රයක් අධාරයෙන් කාණුව කඩා සිසුවා ගොඩ ගෙන රෝහල් ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

සිසුවා මේ වන විට කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි තොරතුරු වාර්තා වුණේ.

අද පෙරවරුවේ සිට කුරුණෑගල ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාපතනයත් සමඟ ප්‍රදේශයේ මාර්ග ජලයෙන් යටව ඇති අතර, මෙම සිසුවා පය ලිස්සා යාමෙන් එම කාණුවට වැටී ඇතැයි සැකපළ කරනවා.

Update – අපජලය ගලා බසින කාණුවක වැටී සිටී සිරවී සිටි කුරුණෑගල පාසල් සිසුවා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මලියදේව ආදර්ශ විදුහලේ 09 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි 14 හැවිරිදි සජිත් ගුණරත්න නමැති පාසල් සිසුවෙකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29