AFC Banner
Empty Ad
Empty Ad

ගල්කිස්සේ කාන්තාව එළොව යැවූ පැමිණිල්ල

ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට ප්‍රදේශයේදී ඊයේ (03) රාත්‍රියේදී කාන්තාවකට සිදුවූ පහරදීමක් හේතුවෙන් මියගොස් තිබෙනවා.

ගල්කිස්ස පොලිසිය පැවසුවේ මෙලෙස මියගිය කාන්තාව වයස අවුරුදු 52 ක් වන බවයි.

නිවැසියන් සමග ඊයේ රාත්‍රියේ නිවසේ රැදී සිටින අවස්ථාවේදී තම නිවස ඉදිරිපිට පුද්ගලයෙකු කෑ ගසන හඬක් ඇසී ඒ පිළිබඳව සොයා බැලීමට ගොස් ඇත.

පොලිසියේ ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් ඉවත් කරගන්නා ලෙස පවසමින් මෙම කාන්තාවට බැනවැදී ඇති අතර එය දුරදිග ගොස් කාන්තාවට පහරදීමක් සිදුකර තිබෙනවා.

ඉන් අනතුරුව මෙම කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?