ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඒ ඛාණ්ඩය යටතේ තරග වැදුනු ඉන්දීය කණ්ඩායම සුපිරි තරග වටයට සුදුසුකම් ලැබීය.මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 2ක් පමණක් දැවී ලකුණු 192ක් රැස්කර ගැනීමට සමත් විය.
ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් සූර්ය කුමාර් නොදැවී ලකුණු 68ක් ලබාගැනීමට සමත් විය.ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට හයේ පහර 6ක් සහ හතරේ පහර 6ක් ද ඇතුළත් වේ.
විරාට් කෝලි නොදැවී ලකුණු 59යි.කෝලිගේ එම ලකුණු සංඛ්‍යාවට හයේ පහර 3ක් සහ හතරේ පහරක් ඇතුළත් වේ.ඒ අනුව මෙම තරගය ජය ගැනීම සදහා හොංකොං කණ්ඩායම ලකුණු 193ක් රැස්කර ගත යුතුව තිබුණු අතර, හොංකොං කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුළු 5ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 152ක් පමණීයි.
ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ලකුණු 40ක ජයක් හිමිවිය.














