අයවැය අද පාර්ලිමේන්තුව ට

2022 වසර සඳහා වන සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද(30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත මගින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ රාජ්‍ය පරිපාලන හා පලාත් පාලන අමාත්‍යංශයටයි.එය රුපියල් බිලියන 735ක්.

පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(30) සවස 1.00ට රැස්වීමට නියමිත අතර ජනාධිපතිවරයා අයවැය කතාව කියවීම ආරම්භ කිරීමට නියමිතව ඇත්තේද ඉන් අනතුරුවයි.

පස්වරු 2 දක්වා ජනාධිපතිවරයා විසින් අයවැය කතාව ඉදිරිපත් කිරීමට නියමිත අතර අනතුරුව පාර්ලිමේන්තුව හෙට (31) දින පෙරවරු 09.30 දක්වා කල් තැබෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?