ඊයේ (26) පස්වරුවේ පිටබැද්දර ප්‍රදේශයෙන් නිල්වලා ගඟේ දියනෑමට ගොස් දියේ ගසාගෙන යාමෙන් අතුරුදන් වූ සිව්දෙනාගෙන්, දෙදෙනෙකුගේ සිරුරු අද (27) උදෑසන සොයාගෙන ඇති බව වාර්තා වනවා.
නාවික හමුදා කිමිඳුම්කරුවන් යොදාගෙන අද ආරම්භ කළ සෝදිසි මෙහෙයුම් වලදී මෙම සිරුරු දෙක හමු වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
මත්පැන් සාදයකින් අනතුරුව ඊයේ (26) පස්වරුවේ නිල්වලා ගඟේ දියනෑමට ගිය පිරිසක් අතරින් පස්දෙනෙකු ජලයේ ගසාගෙන ගොස් ඇති අතර, එයින් එක් අයෙකු බේරාගැනීමට හැකිව තිබුණා.
අතුරුදන් වූ අනෙකුත් සිව්දෙනා සොයා ඊයේ (26) පස්වරුවේ ම සෝදිසි මෙහෙයුම් දියත් කළ ද ඊයේ රාත්‍රිය වනතෙක් ඔවුන්ව සොයා ගැනීමට හැකියාව ලැබුනේ නැහැ.
ඔවුන් මිදිගම ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්තශාලාවක සේවය කරන අයවලුන් බව අනාවරණය වී ඇති අතර, ඔවුන් ආයතනයට බඳවා ගැනීම සම්බන්ධයෙන් සතුට සැමරීම වෙනුවෙන් මෙම මත්පැන් සාදය පවත්වා ඇති බවයි හෙළිව ඇත්තේ.
දියේ ගසාගෙන යාමෙන් අතුරුදන් වූ සිව්දෙනා දෙයියන්දර, පෝරතොට, වැලිගම බටවල සහ මුලටියන යන ප්‍රදේශවල පදිංචිකරුවන්.









