නිල්වලා ගඟේ අතුරුදන් වූ සිව්දෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු සොගැනේ (ඡායාරූප)

ඊයේ (26) පස්වරුවේ පිටබැද්දර ප්‍රදේශයෙන් නිල්වලා ගඟේ දියනෑමට ගොස් දියේ ගසාගෙන යාමෙන් අතුරුදන් වූ සිව්දෙනාගෙන්, දෙදෙනෙකුගේ සිරුරු අද (27) උදෑසන සොයාගෙන ඇති බව වාර්තා වනවා.

නාවික හමුදා කිමිඳුම්කරුවන් යොදාගෙන අද ආරම්භ කළ සෝදිසි මෙහෙයුම් වලදී මෙම සිරුරු දෙක හමු වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

මත්පැන් සාදයකින් අනතුරුව ඊයේ (26) පස්වරුවේ නිල්වලා ගඟේ දියනෑමට ගිය පිරිසක් අතරින් පස්දෙනෙකු ජලයේ ගසාගෙන ගොස් ඇති අතර, එයින් එක් අයෙකු බේරාගැනීමට හැකිව තිබුණා.

අතුරුදන් වූ අනෙකුත් සිව්දෙනා සොයා ඊයේ (26) පස්වරුවේ ම සෝදිසි මෙහෙයුම් දියත් කළ ද ඊයේ රාත්‍රිය වනතෙක් ඔවුන්ව සොයා ගැනීමට හැකියාව ලැබුනේ නැහැ.

ඔවුන් මිදිගම ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්තශාලාවක සේවය කරන අයවලුන් බව අනාවරණය වී ඇති අතර, ඔවුන් ආයතනයට බඳවා ගැනීම සම්බන්ධයෙන් සතුට සැමරීම වෙනුවෙන් මෙම මත්පැන් සාදය පවත්වා ඇති බවයි හෙළිව ඇත්තේ.

දියේ ගසාගෙන යාමෙන් අතුරුදන් වූ සිව්දෙනා දෙයියන්දර, පෝරතොට, වැලිගම බටවල සහ මුලටියන යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

301105984 469992758312537 6447270848022917095 n
301350854 1259481864800858 3468428744442218383 n
301790857 449209863889465 6092821483275448062 n
301890857 423144519914003 7236738921501989580 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16