එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන්ගෙන් ලෝක වාර්තාවක්

සිය මව් රටේදී ටෙස්ට් ක්‍රිකට් තරඟ 100කට ක්‍රීඩා කළ පළමු ක්‍රීඩකයා බවට පත්වෙමින් එංගලන්ත සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් නව ලෝක වාර්තාවක් බිහිකර තිබෙනවා.

ඊයේ ආරම්භවූ එංගලන්ත – දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී ජේම්ස් ඇන්ඩර්සන් මෙම වාර්තාව බිහි කළා.

ඉන්දියාවේ සචින් ටෙන්ඩුල්කාර් සිය මව්රටේදී ටෙස්ට් තරඟ 94ක් ද,ඕස්ට්‍රේලියාවේ රිකී පොන්ටින් ටෙස්ට් තරඟ 92 කටත් ක්‍රීඩා කර තිබෙනවා.

එපමණක් නොව වසර 19 ක් අඛණ්ඩව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් කඬුලු 600 ක් බිදහෙලූ පළමු වේග පන්දු යවන්නායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?