මරණයකින් කෙළවර වූ පිය – පුතු ආරවුල

පිටිගල, අමුගොඩ, සිත්තරගොඩ ප්‍රදේශයේ දී පියයෙකු සහ පුතෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් පියා විසින් එල්ල කළ පොලු පහරකින් පුතා මියගොස් ඇති බව පිටිගල පොලිසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 40 හැවිරිදි වියේ පසුවූ අයෙක් බවයි වාර්තා වන්නේ.

පිටිගල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර සැකකාර 68 හැවිරිදි පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්