spot_imgspot_img

මිලියන 27ක කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

යාපනය අනලතිව් දූපතේ ඊයේ (10) උදෑසන සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 69කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය මඟිනුයි යාපනය අනලතිව් දූපතේ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදු කර ඇත්තේ.

එහිදී එම වෙරළ ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබූ සැක කටයුතු උරයක් පරීක්‍ෂාවට ලක් කර තිබෙනවා. එම උර‍ය තුළ පාර්සල් 18ක අසුරන ලද කේරළ ගංජා කිලෝ 69යි ග්‍රෑම් 5ක පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

එම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 27කට අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර, ඒවා ඉදිරි නීතිමය කටයුතු සඳහා භාරදෙන තෙක් නාවික හමුදා භාරයේ තබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
3
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?