වෙළෙඳපොළේ මත්ස්ය මිල ගණන් පහත බසිමින් තිබෙන බව ධීවර සංස්ථාවේ සභාපති ඩී.වී. උපුල් පවසයි.
දකුණු මුහුදේ වාරකන් සමය අවසන් වෙමින් පැවැතීම සහ ත්රිකුණාමලය, කල්මුණේ, අම්පාර සහ කින්නියා මුහුදු තීරයන්හි මේ දිනවල සරු මත්ස්ය අස්වැන්නක් ලැබෙමින් තිබෙන බවයි මේ පිළිබඳ වාර්තාවක් ඊයේ (16) ධීවර ඇමැතිවරයා වෙත ඉදිරිපත් කළ සභාපතිවරයා පෙන්වා දී ඇත්තේ .
ලින්නා මසුන් කිලෝවක තොග මිල රුපියල් 400ත් – 500ත් අතර මිලකටත් කෙළවල්ලා කිලෝවක තොග මිල රුපියල් 1100 දක්වාත් දැල්ලන් සහ බලයන් කිලෝවක තොග මිල රුපියල් 700 දක්වාත් අඩු වී තිබෙන බව සභාපතිවරයා ඇමැතිවරයා හමුවේ දැනුම් දී ඇත.
ධීවර සංස්ථා වෙළෙඳ සැල්වලින් ලින්නා කිලෝව රුපියල් 620ක සිල්ලර මිලකටත්, දැල්ලන් මෙන්ම බලයා කිලෝව රුපියල් 850ක පමණ මිලකටත් මිල දී ගත හැකි බවයි වාර්තා වන්නේ











HEMA EKAMA HITHE HATIYATA KISIMA DUKAK ANUKAMPAWAK CHAKITHAYAK HIRIKITHAYAK LAJJA BHAYAK NAHIWA DUPPATA HURAGENA MARAGENA KANAWA. 80-90 GIYA BITHTHARA INDIAWEN GENWALA MARKET DAMMAMA DAN 35049 BEHELA. DAN ME WE…. PUTHALATA PADU NATHIWA ATHI. CHICKEN WALATATH OKAMA KARANNA 1500 DAKWA ASADHARANA MILATA WIKUANNA OWA 600-700 BAHIYI. ARA JAYAWARDHANA KIYANA NAK MUSALAYA BAKERY PRODUCTS WALIN ANTHIMA ASADHANA LABHA LABANAWA. OKAWA ALLALA HIRA KUDEUWE DANNA. GINI GANAN WALATA WIKUNNA KOTTU,PARATA,GODAMBA,WADEYI,RICE WALA MILA BALENMA BASSANNA. ANNA ETHAKOTA SEBE LESAMA INFLATION BAHIYI.