දානිගල කන්දේ අතරමං වූ සිසුන් සිව්දෙනා පැය 03ක මෙහෙයුමකින් පසු මුදාගැනේ

ඓතිහාසික කන්දේගම – දානිගල කඳු මුදුනේ පැය ගණනාවක් අතරමං වී සිටි පාසල් සිසුන් සිව්දෙනකු, පැය 03ක පමණ මෙහෙයුමකින් පසුව නිරුපද්‍රිත ව මුදා ගැනීමට අරලගංවිල විශේෂ කාර්‍යය බලකාය, පොලිසිය සහ දම්මින්න දෙවැනි අණදෙන රෙජිමේන්තු සෙබළුන් පිරිසකට හැකි වුණා.

අප වාර්තාකරු පැවසුවේ, අද (27) රාත්‍රියේ දී මෙම පාසල් සිසුන් මුදා ගෙන පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

අතරමං වීමෙන් පසුව මෙම සිසුන් කෑකෝ ගසන ශබ්දයක් කන්දේගම ධනංජය රජමහා විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේට ඇසී ඇති බවත්, ඒ බව අරලගංවිල පොලිසියට දන්වා ඇති බවත් සඳහන්.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ අරලගංවිල පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ දම්මින්න යුද හමුදා කඳවුර එක්ව සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසු
අතරමං වූ සිසුන් සිව්දෙනා සොයාගැනීමට හැකි වුණා.

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය, නව නගරය ප්‍රදේශයේ පදිංචි 17 වන වියෙහි පසු වූ තරුණයන් දෙදෙනෙකු, මැදගම පිහිටි සිය මිතුරෙකුගේ නිවසට පැමිණ තිබෙන අතර එම යාළුවන් දෙදෙනා ද කැටුව මොවුන් සිව්දෙනා දානිගල කන්ද තරණය කර තිබෙන බවත් එහිදී ඔවුන් මෙලෙස අතරමං වී ඇති බවයි පවසා ඇත්තේ.

මෙම පාසල් දරුවන් සිව්දෙනා අද රාත්‍රියේ දී දෙමව්පියන්ට භාරදීමට කටයුතු කරන බව අරලගංවිල වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් සෙනෙවිරත්න මහතා සඳහන් කළ බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06