ගුරු – විදුහල්පතිවරු පිරිසක් 21 වැඩ ඇරඹීමට සූදානමින්

එලඹෙන 21 වනදා පාසල් ආරම්භ කිරීමට විදුහල්පතිවරුන් සතු යතුරු බලහත්කාරයෙන් ලබාගැනීමේ උත්සාහයක ප්‍රාදේශීය දේශපාලකයින් නිරතව සිටින බව ලංකා ගුරු සංගමය අනාවරණ කරයි.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ,

“21 වැනිදාට පෙර විසඳුමක් නොදුන්නොත් අපේ ක්‍රියාමාර්ග ඉස්සරහට ගන්නවා. පාසල්වල සම්පත්වල වගකීම දරන්නේ විදුහල්පති. යතුරු අරගෙන බලෙන් පාසල් අරිනවාලු. බඩුවලට වගකියන්නේ කවුද?. ඇමති චන්ද්‍රෙස්නගේ ගෙදරට අම්මලා පිරිසක් ආවා. අනුරාධපුර නගර සභාවේ නාගරික මන්ත්‍රිනියක් තමයි ඉස්සරහ ඉන්නේ. ඇමතිගේ බරපතළ ප්‍රකාශය මොකක්ද? ගමේ ගෙදර ඉන්න ගුරුවරයාට තර්ජනය කරන්න කියලයි කියන්නේ. එහෙම කියන්න ඇමතිට තියෙන අයිතිය මොකක්ද?”

මේ අතර ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය, වැඩබලන විදුහල්පතිවරුන්ගේ සංගමය සහ අධිසේවා විදුහල්පති එකමුතුවේ නියෝජිතයින් අද අනුරාධපුරයේදී එස්.එම් චන්ද්‍රෙස්න අමාත්‍යවරයා හමුවී තිබුණි.

එහිදී ඔවුන් සඳහන් කළේ ලබන 21 වැනිදා පාසල් ගොස් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදුකිරීමට තම පිරිස සූදානම් බවය.

මේ අතර එලඹෙන 21 වැනිදා පාසල් ආරම්භ කිරීමට රජය ගෙන ඇති තීරණය අනුව හෝමාගම ප්‍රදේශයේ සිසුන් 200ට අඩු පාසල් සියල්ල පිරිසිදු කිරීමේ වැඩසටහනක් හෝමාගම ප්‍රාදේශීය සභාව මගින් අද ආරම්භ කර තිබුණි.

ඒ අනුව හෝමාගම දීපාන්ගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති, ගුරුවරුන් සහ දරුවන්ගේ මව්පියන් එක්ව අද පාසල පිරිසිදු කිරීමේ කටයුතු සිදුකළ අතර එය නිරීක්ෂණය සඳහා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැමිණ සිටියේය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන ගුරු සංගමයේ රුවන්වැල්ල ආසනයේ නියෝජිතයින් අද මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ කිසිම අවස්ථාවක ගුරු සටන පාවාදීමට තමන් සූදානම් නොමැති බවය.

මේ අතර පාසල් වාරය ආරම්භවීමට පෙර පාසල් දරුවන් ප්‍රවාහනය කරනු ලබන රියදුරන් සහ සහායකයින් පූර්ණ එන්නත්කරණයට ලක්වී ඇත්දැයි සොයාබැලීමට වැඩසටහනක් ආරම්භ කරන බව පොලීසිය පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39