spot_imgspot_img

අද උදෑසන අටේ සිට කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ රැසකට අද (19) පෙරවරු 8.00 සිට හෙට (20) අලුයම 2.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරනවා.

විදුලිබල මණ්ඩලයේ අධිබලැති විදුලි රැහැන් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බවයි ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ.

ඒ, අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල යන මහ නගර සභා, මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව නගර සභා, කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙන්ම රත්මලාන සහ කටුබැද්ද බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
3
+1
2
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?