අවලෝකිතේශ්වර බෝධිසත්ව නමින් පෙනී සිටිමින් බෞද්ධ දර්ශනයට අපහාස වන ලෙස කටයුතු කළ බවට චෝදනා එල්ල වී සිටින මහින්ද කොඩිතුවක්කු නැමැත්තා මේ වනවිට බන්ධනාගාර රෝහලේ මානසික රෝගී වාට්ටුවේ රඳවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
සැකකරු ලබන අඟහරුවාදා (23) මානසික වෛද්‍ය පරීක්ෂණයකට යොමුකිරීමට නියමිත බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
ඒ අනුව බන්ධනාගාර රෝහල් පරිශ්‍රයේදීම සැකකරු මානසික සෞඛ්‍ය විද්‍යායනයේ වෛද්‍යවරු හමුවට යොමු කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.
සැකකාර මහින්ද කොඩිතුවක්කු නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තෙමන්තුව මඟින් අත්අඩංගුවට ගෙන පසුගිය 16 වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුව ඉදිරිපත් කිරීමෙන් පසු නොයෝග කළේ මොහුගේ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසයි.