Update – ගැරඬිඇල්ල බස් අනතුරින් ජීවිත අහිමි වූ ගණන 15ක් දක්වා ඉහළට (ඡායාරූප)

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අද (11) සිදු වූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් ඇතිබව වාර්තා වනවා.

Update – Sunday, May 11, 2025, 11.07 AM

රම්බොඩ – ගැරඬිඇල්ල බස් අනතුරින් ජීවිත අහිමි වූ ගණන 13ක් දක්වා ඉහළට

කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ, රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරින් එම බස් රථයේ ගමන් ගත් 13 දෙනෙකු මේ වනවිට මියගොස් තිබෙනවා.

එම 13 දෙනාගේ සිරුරු මේ වන විට කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ තැම්පත් කර ඇති බවයි දසත නිවුස් වාර්තාකරු පැවසුවේ.

අද (11) අලුයම 4:30ට පමණ මෙම අනතුර සිදු වී ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ දී එහි මගීන් 75 දෙනෙකු පමණ සිට ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් තුවාල ලැබූ පිරිස කොත්මලේ ප්‍රාදේශීය රෝහල, නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල, ගම්පොළ සහ නාවලපිටිය මූලික රෝහල් වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

තුවාලකරුවන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි පොලිසිය සඳහන් කළේ.

13
WhatsApp Image 2025 05 11 at 10.01.47 c8f54b7d scaled
WhatsApp Image 2025 05 11 at 10.01.49 dc93d0f5 scaled
12
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
19
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?